59 කොටස

2K 257 50
                                    

"අපුර්ව.."

"ම්ම්..?"

"බාප්පා..!" භවන් කිව්වේ කියාරාගේ පස්සෙන් ජිතේන්ද්‍ර එලියට යනවත් එක්කම ඇතුලට ආපු දෙන්නා දිහා බලාගෙන..

"පුතේ..!" බාප්පාගේ පිටිපස්සෙන් ආපු පුංචි කඩාගෙන බිඳගෙන ඇඳ ලඟට ආවේ අපුර්ව දැන් මැරිලා යන්න ඔන්න මෙන්න ඉන්නවා වගේ..

"කවුද මේ...? භාතිය ඇහුවේ ඒ මනුස්සයා කෑ ගහපු කෑ ගැහිල්ලට නළල රැළි කරගෙන..

"මේ කවුද නෙමෙයි.. ඕලෙවල් කාලේ කැමැත්තෙන් හිටපු ගෑණු ළමයා කවුද කියනවා..?" සචින් ඇහුවේ භාතියට විතරක් ඇහෙන්න වුනත් ඇත්තටම තරහ ගිය ටෝන් එකකින්..

"එහෙම කවුරුත් නැහැ අනුරාධ.." භාතිය කිව්වේ සචින්ගේ අතකින් අල්ලගන්න අත දික් කරලා..

"එහෙනම් අර කියාරා කිව්වේ..? භාතිය හොඳ හිතින් මට කියනවා කවුද ඒ කියලා.."

"අනුරාධ.."

"අආහ්හ්හ්හ්... තාම කැමතිද ඒ ගෑණිට...?" භාතියගේ අත ගසලා දාලා සචින් කේන්තියෙන් පිටිපස්සට වුනා..

"අනුරාධ ඇයි මේ කේන්ති අරගෙන..?"

"තමුසේ කැමති වෙන්න ඕන මට විතරයි.. වෙන කාටවත් පොඩ්ඩක්වත් කැමති වෙන්න බැහැ.."

"මේ අවුරුදු දහයකට විතර කලින් වෙච්ච දෙයක් නේ.."

"අවුරුදු දහයකට කලින්වත් කැමති වෙලා තියෙන්නේ බැහැ.. කියනවා..!!! කවුද ඒ..?" අඩි පොලවේ හප්පලා සචින් කෑ ගැහුවේ අම්මා සෙල්ලම් බඩුවක් අරන් දෙන්න බැහැ කිව්ව පොඩි එකෙක් වගේ..

"අනුරාධ කෑ ගහන්නෙපා.. මෙතන මිනිස්සු ඉන්නවා.." භාතිය කිව්වේ ඇඳ ලඟට වෙලා අපුර්වගේ ඔලුව අතගාන ගෑණු මනුස්සයා දිහා බලාගෙන..

"මට කමක් නැහැ.. දන්නවනේ මට ඒවා අදාළ නැහැ.." සචින් මුරණ්ඩු වෙලා පපුවේ අත් දෙක බැඳගත්තේ ඒ ප්‍රශ්නෙට උත්තර හම්බෙනකන් කෑ ගහන එක නවත්තන්නේ නැහැ කියන්න වගේ.. ඒත් කියන දේවල් භාතියට විතරක් ඇහෙන්න කතා කරන්න සචින් පරිස්සම් වුනා.

"මට කැමති වෙලා ඉඳලා වද දීපු කියාරාගේ යාලුවෙක්ට අපි කියපු බොරුවක් ඒක.. බැලින්නම් මම කියාරා එක්ක බොරුවට කැමති කියපු ගෑණු ළමයත් කියාරාගේ යාලුවෙක්.. කියාරා මෝඩයෙක් වගේ ඒක අර ගෑණු ළමයට ගිහින් කිව්වම ඒ ගෑණු ළමයා කැමති මිගාරට කියලා කිව්වලු.." භාතිය කියද්දී සචින් ඇස් දෙක පුංචි කරලා භාතිය දිහා බැලුවේ 'මට බොරු කියලා නම් අහු වෙන්නෙපා පුතේ' වගේ..

ස්නේහ | CompletedDonde viven las historias. Descúbrelo ahora