31 වන පරිච්ඡේදය

768 149 20
                                    

කෙන්තියෙන් පුපුරන රතු වෙලා ගිහින් තියෙන ඇස් දෙක...

නෙරලා ඇවිත් තියෙන උගුරු ගැටේ විනාඩියකට ඉහල පහල වෙන වාර ගාන...

අත් වල බෙල්ලේ විතරක් නෙමේ කම්මුල් වල පවා කෙන්තියට ඉස්මතු වෙලා ගිහින් තියෙන නහර වැල්...

එලියට පලයන් කියලා ලොක් වෙලා ගිහින් තිබුන දොර ඇරලා මාව තල්ලු කරලා දැම්මේ...

කිසිම දවසක මන් එයාගෙන් මේ වගේ දෙයක් බලාපොරොත්තුව නොවෙන කොට... එයාට කෙන්ති ගිහා ම එක පාලනේ කරන්න අමාරුයි කියලා දැන ගෙනත් එයාව උපරිමයෙන් ම කෙන්ති ගස්සපු මන් ඔහේ හිටියා... කලබලේ නිසා ම මගේ ම නියපොතු වලට තුවාල වෙලා ගිහින් මගේ ඇඟිලි වලින් ලේ එනවා...

අනේ මට මාරුවිමක් ඔනේ නෑ දශ්මිර උඹේ ජිවිතෙන් ඇත් වෙලා ඉන්නම් එත් මාරු විමක් ඔනේ නැ... ආපු ආවේගයට කෑ ගැහුවා මිසක්... මගේ ජිවිතෙන් ඇතට පලයන් කියලා කිව්වත් උඹ ඇත්තටම ම මගේ ජිවිතෙන් ගියොත් මට පිස්සු හැදිලා නවති දරුවෝ...

එයා අහනවා මොනාද අන්තිම පාරට මට කියන්නයි කියලා එයාට තියෙන්නේ කියලා... අන්තිම පාර කියලා කියන්නේ මොකද්ද ආයේ ම අපි කිසිම දවසක හම්බෙන එකක් නැද්ද... ආහ්... කමක් නැ...

රැවටි රැවටි උඹ ගාව උඹට ඔන් විදියට රුකඩයක් වගේ නටනවා වඩා උඹෙන් ඇතට ගිහින් වෙන කොහේ හරි ජිවත් වෙන එක හොදයි... මාස ගානක් දුක තියෙයි... ජිවිත කාලේ ම උනත් හිතින් විදිවයි එත් කමක් නැහැ ඔවා මට පුරුදුයි...

" ස්... ස... මා... වෙ... න්... න "

අන්තිමට පාරට හිනාවක් මුනට අරගෙන එයාගේ සමාව ඉල්ලුව මන් එයාගේ අර ඉහල පහල වෙන ගමන් තිබ්බ උගුරු ගැටේ ට තොල් තද කරා... ආයේ ම එයාගේ නලලටත්... අවසානේ එයාගේ කම්මුල පිරි මැදලා බැග් එකත් අතට අරගෙන බහින්න හැදුවා...

" පලයන් කිව්ව ගමන් හරි ආසාවෙන් යනවා නේද... ඇයි ගිහින් අරකිව බැද ගන්න ද "

" අනේ එහෙම නෑ දරුවෝ... ඔයා විතරයි නේ... අනික ඔයානේ දැන් පලයන් යන්න කියලා කිව්වේ "

බනින්න හැදුව මන් දශ්මිර දිහා බලලා නැහැ කියන්න ඔලුව වැනුවා... මන් මොකටද දෙයියනේ සහේලි මිස්ව බදින්නේ දශ්මිර ඉන්නැද්දි... අනික එයානේ දැන් මට පලයන් කියලා කිව්වෙත්...

දුරුතු සඳ | 𝐀𝐑𝐓 𝐎𝐅 𝐇𝐄𝐀𝐋𝐈𝐍𝐆 ( ꪗɀ / ꪮ᭢ᦋꪮỉ᭢ᦋ )Where stories live. Discover now