32 වන පරිච්ඡේදය

788 153 17
                                    

" අයාන් නෙලීෂ "

ඩොක්ටර්ගේ රූම් එකෙන් එලියට ආව ගැණු ලමයා මගේ නම කියලා කතා කෙරුවේ මන් දශ්මිර දිහා බලලා ආයේ ම අර ගැනු ලමයා දිලා බලද්දි... දශ්මිරත් එයි ද මාත් එක්ක... එයි නේද එයා තනියම මාව ඩොක්ටර් ගාවට යවන එකක් නැහැ නේ...

අසු හාරදාහට ගැහෙන පපුව... එලියට පනිදෝ කියලා බයට ම මන් පපුවට අත තියාගත්තේ... එයා මගේ අතින් අල්ලලා එයා ඉන්නවා කියලා කියන්න වගේ හිනා වුනේ... හුස්මක් පහත දාලා මන් පුටුවෙන් නැගිටලා ඩොක්ටර්ගේ රූම් එකට යද්දි...

අනේ මේ මිනිහා නාකිනේ... දොරෙන් ඇතුලට ගිය මන් ඩොක්ටර් එක්ක හිනා වුනේ එයා මට එයාට පොඩ්ඩක් එහාට වෙන්න තියෙන පුටුවල පෙන්නලා අතින් ඉද ගන්නයි කියලා කියන කොට...

දශ්මිර... එයා අපිට ටිකක් ඇතින් තිබ්බ පුටුවකින් ඉදගෙන මාත් එක්ක හිනා වුනේ එයාට හිනාවක් දුන්න මන් ඩොක්ටර් දිහා බලලා ආයේ ම බිම බලන් ඇගිලි එකට අතුල්ලන ගමන් පොඩි කරන කොට...

කසාදේ ගැන කතා කරන්න ආපු මනමාලයා ඉස්සරහා ලැජ්ජාවෙන් ඇඹරෙන මනමාලි වගේ නෙමේ... මන් බිම බලා ගත්තේ මාව ගැහෙන නිසා මට බය නිසා... ඔය මිනිස්සු කොහොම කිව්වත් මන් වගේ අය ගැහෙන හැටි දන්නේ එයාල ම විතරයි...

Psychiatrist කෙනෙක් ඉස්සරහා තමගේ ප්‍රශ්නේ කියන කොට ඒ කෙනා හැසිරෙන විදිය කලබල වෙන විදිය මොන වගේ ම ඒ වෙලාවට එයා ඉන්න මානසික තත්වේ මොන වගේ ම කියලා කියන්න තේරෙන්නේ ම ඒ වගේ ම කෙනෙක්ට වෙද්දි... පිටින් බලන අයට පෙන්නේ ලැජ්ජාවෙන් බිම බලන් ඉන්න කෙනෙක් ගානටයි...

" ඉතින් අයාන්... කොහොම ද ඔයාට... උදේට කාලා ද ආවේ... මට නම හරියට කියන්න පොඩ්ඩක් "

"අ... අයාන් නෙලීෂ රන්නුළු "

ඩොක්ටර් මගෙන් නම ඇහුවා... නම විතරක් නෙමේ දැන් මගෙන් උපදිනේ වයසත් අහයි... ලා හිනාවක් මුනට අරගෙන ඩොක්ටර්ට නම කිව්ව මන් දශ්මිර දිහා බැලුවා... එයා ඇස් වලින් බය නොවි ඉන්නයි කියලා ඉඟි කෙරුවේ මන් හා කියන්න ඔලුව වනන කොට...

" Birthday එක කියන්න අයාන් වයස කියද "

" 23 යි... 2000.09.08 "

දුරුතු සඳ | 𝐀𝐑𝐓 𝐎𝐅 𝐇𝐄𝐀𝐋𝐈𝐍𝐆 ( ꪗɀ / ꪮ᭢ᦋꪮỉ᭢ᦋ )Where stories live. Discover now