"බබා.. ඔයාට තාම හරියට සනීපත් නැහැ.."
"අනේ දැන් මොන අසනීපයක්ද අප්පා..? ඔයත් එක්ක සතියක් තිස්සේ බොරුවට හොස්පිටල් ගිහින් ඩොක්ටර්ට කියලා බලවගෙන බලවගෙන මට දැන් ඇති වෙලා තියෙන්නේ.." අපුර්ව කිව්වේ මූණ ඇද කරගෙන..
"අපි දන්නේ නැහැනේ බබා කෙමිකල් නිසා එදා මොනවා උනාද කියලා ඇඟ ඇතුලේ.. තව ටෙස්ට් තුනයි තියෙන්නේ.. ඒකෙන් පස්සේ සේරම හරි.. ම්ම්..?"
"මොකක්.. තව තුනක්..? මට දැන් වෙනම ලෙඩක් හැදෙනවා ටෙස්ට් වලට මගේ ලේ ටික දීලම.."
"හරි.. හරි.. තුනයි.. එච්චරයි.."
"ඔයත් මල වාතයක් වෙලාවකට හොඳේ.."
"බබා.."
"මොකද.."
"ඔයාට අද යන්නම ඕනද..?"
"ජිතේන්ද්‍ර මට උදවු කරලා නැත්තේ නැහැනේ මැණික.. ඒ නිසා ගිහින් බලන්නම් ඇයි කියලා ම්ම්..? පවුනේ.."
"ඔයාට අනික් හැමෝම පවු මම ඇරෙන්න.."
"උඹ ඕක කටකින්ද කිව්වේ වලව් පගයා..? වලව්වල උන් ඔහොමමයි.. ඉස්සර මිනිස්සු කට කහනවට නෙමෙයි වලව් වලට බැනලා තියෙන්නේ එහෙනම්.."
"මට පොඩ්ඩක් සනීපත් නැහැ වගේ.." මිගාර බොරු අමාරුවක් මූණට අරගෙන අපුර්ව දිහා බැලුවේ අනුකම්පාව ගන්න..
"මිගාර මේ.. උඹේ මරිසි මම දන්නවා.. උඹලත් මනුස්සයෝ අපිත් මනුස්සයෝ.."
"අනෙහ්.. බබාහ්...!!!" අපුර්ව පිළිගන්නෙම නැති තැන මිගාර ඇද උඩට කඩාගෙන වැටුනේ කජු ලෙල්ලක් වගේ මූණ හදාගෙන..
"මොකද මනුස්සයෝ මේ ජිතේන්ද්‍ර එක්ක ගමනක් යනවා කියපු වෙලේ ඉඳන් මෙහෙ ඇවිල්ලා නාකි අම්මණ්ඩියෙක් වගේ කියවන්න තියාගත්තේ..?"
"මට ඉරිසියයි.. ම්හුක්..!" මිගාර කිව්වේ එයා ගාව හිටගෙන ලා නිල් පාට ෂර්ට් එකේ බොත්තම් පියව පියව හිටපු අපුර්වගේ ෂර්ට් එකේ යට දාරේ අතින් පොඩි කරන ගමන්..
"ඉරිසියයි..? අහවල් එහෙකටද ඒ..?"
"ඔයා එයා එක්ක තනියෙන් ගමනක් යන එකට.."
"ඒකෙ මොකද්ද ඉරිසියා වෙන්න තියෙන්නේ..?"
"දන්නේ නැහැ.. එන්න බැහැ කියන්නකෝ අප්පා.."
VOUS LISEZ
ස්නේහ | Completed
Roman d'amourමීට හරියටම අවුරුද්දකට කලින් මම හිටියේ මුලු හදවතටම අගුලු දාගෙන. ආදරය කියන්නේ මට මේ ලෝකේ තියෙන එක වචනයක් විතරක් වෙලා තිබ්බේ. උබ ආවේ කොහෙන්ද කොහොමද කියන්න මම දන්නේ නෑ අපූර්ව. හැබැයි උබ මාව පිස්සු වැට්ටුවා. ගෑණු දාහක් මැද උනත් එක දශමෙකින්වත් හෙලවුනේ...