කෑලි කැපිය හැකි තරමට ඝන අදුර සහිත කුඩා කාමරයක මුලේලේ ගුලිව සිටි කොලුවා පලා යමට තැත් කරන අතර තුර සිදුවූ සීරිම් තුවාල වල වේදනාවට වඩා පිපාසයත් බඩගින්නත් නිසා පිඩා විඳිමින් සිටියා. පලා යාමට තැත් කීරීමෙන් තමාට ලැබෙන දඩුවම නිරාහාරව මරණයට පත් වීමට සිදු වීම යැයි සිතූ ඔහු පෙර දිනයේ නැවත එන පොරොන්දු පිට ගල්තලාවක් පාමුල තනි කර දමා ආ සය හැවරදි නොදරුවා ගැන පමණක් විස්සෝප වෙමින් සිටියා.' සුදු බොලේ ඔයා හොදින් නේද , මට සමාවෙන්න පොරොන්දුව රකින්න බැරි වුනාට'
කාමරය වෙලාගෙන තිබූ අඳුරු බවට තාවකාලික නිමාවක් දෙමින් අගුලු ලා තිබූ දොර ගුලු විවර කරගෙන තමා වෙත බර අඩි තබමින් පැමිණෙන දැවැන්ත මිනිසාව අඩ අඳුරේ වුවද හඳුනා ගත් අට හැවරදි කොලුවා ඔහු දැකීමෙන් හට ගත් කෝපය නිසාම ඔහු වෙත දවා අලුකරන බැල්මෙන් බලා සිටින විට එයට ප්‍රතිචාරයක් ලෙස සද්දන්ත මිනිසාගෙන් සරදම් සිනහවක් පමණක් උරුම වුනා.
" දවස් දෙකක් නොකා නොබී ඉදලත් මූගෙ ගෑස් බැහැල නෑ වගේ, ස්ටීව් අල්ලපන් මූව "
ලද අවසරයෙන් තවත් සගයෙකු සමග පැමිණි ස්ටීව් නම් තැනැත්තා කොලුවාගේ විරුද්ත්වය නොසලකාම ඔහුව ඔසවාගෙන කාමරයෙන් පිටව යන විට එසේ කිරීමට අණ ලබා දුන් ඊවන්ද ඔවුන් පසු පස ඇදෙන්නට වුනා.
සුදු බිත්ති වලින් පාට වූ පටු කොරිඩෝව දිගේ අට වියැති කොලුවාව ඔසවාගෙන ගොස් කොරිඩෝව කෙලවර වසා තිබූ කුටියකට ඇතුලු වුණු මිනිසුන් තිදෙනාව එහි පරිගණක තිරයක් ඉදිරියෙහි සිට ආහාර ගනිමින් සිටි ගතින් තරමක් තරබාරු මිනිසෙකු විසින් පිළිගනු ලැබුවා.
" මං මේ හැදුවේ ශෝ එක පටන් ගන්න, රෝ'රි සෑහෙන බඩගින්නේ ඉන්නේ "
" රෝ'රි විතරක් නෙවෙයි මෙතන බඩගින්නේ ඉන්නේ "
මේසය පුරා විසිරී ඇති නේක විද කෑම බීම දෙස වරක් දෙවරක් බලා අපහසුවෙන් තම ඇස් ඉවතට ගත් කොලුවා දෙස බලා ඊවන් ඔහු අසල තිබූ සොඩා බෝතලයක් ගෙන තම මුවට වත් කර ගත්තේ තම ක්‍රියාව දෙස එක එල්ලේ බලා සිටින අට හැවරදි දරුවාගේ මුහුනේ වෙනස් වන ඉරියව් හොදින් පිරික්සමිනි.
YOU ARE READING
|| CODE SIX (KOOKV) || (කෝඩ් සික්ස්)
Mystery / Thriller" උඹ කව්ද? " " මම? මම උඹේ මාරයා " I Rage like a fire bomb Burn like a pyre Rage like a fire bomb Burn it's what I'm built to do Even if I die, It's my time now, I'll make it my fight, It's my time now, Even if I die, It's my time now, I'll make it a...