ජිතේන්ද්‍රට ගත්ත දහතුන් වෙනි කෝල් එකත් ආන්ස්වර් නොකර කට් වෙලා යද්දී අපුර්ව හිටියේ නොසන්සුන් වෙලා..
"ඔයාට බැරි වුනාද එයාට එපා කියලා කියන්න..?" අපූර්ව ඇහුවේ මෙච්චර වෙලා පිස්සෙක් වගේ කාමරේ එහා මෙහා ඇවිදින එයා දිහා ඇඳේ වාඩි වෙලා බලන් ඉන්න මිගාර දිහා බලලා..
"ඔයා හිතන්නේ මම එහෙම කිව්වේ නැහැ කියලද..?
"මොන පිස්සුවක්ද මේක..? පිස්සුද මේ මනුස්සයට..? මේ පාර නම් එයා හොඳටම ඕවර් යනවා.." අපුර්ව ආයෙමත් ජිතේන්ද්‍රගේ නම්බර් එක ඩයල් කරලා ලවුඩ්ස්පීකර් දාලා ස්ක්‍රීන් එක දිහා බලන් හිටියා..
"හෙ..ල්--"
"ජිතේන්ද්‍ර.!!!!!!!!"
"කියන්න අපුර්ව.."
"මොන පිස්සුවක්ද ඔයා මේ නටන්නේ.. This is too much..!!"
"මොකද්ද අපුර්ව..?"
"මාව බේරගන්න ඇයි ඔයා කියාරාව බදින්නේ..? පිස්සුද..? එයාට කැමති දෙයක් කරන්න දෙන්න.. මේ කතාවේ අන්තිමට සිද්ද වෙන්න තියෙන්නේ මං මැරෙන එක නම් ඒක වෙච්චදෙන්.. මගේ වටේම ඉන්න අයව කරදරේ දාලා, මට සතුටින් ඉන්න ඕන නැහැ.." අපුර්ව කියාගෙන ගියේ මිගාර දිහා බලාගෙන එයාටත් එක්කම වගේ..
"ඔයා දැන් එකම දේ නිසා සෑහෙන්න පාරක් දුක් වින්දා ඇති.. You don't deserve this pain.. ඒ වේදනාවට කාලයක් මාත් හේතුවක් උනා නේද කියලා මතක් වෙද්දී මට මං ගැනම ඇති වෙන අප්පිරියාව ඔයාට වචනවලින් කියන්න මට තේරෙන්න නැහැ අපුර්ව.. හැමදාම වගේ මට කියන්න තියෙන්නේ සමාවෙන්න කියන වචනේ විතරයි.."
"ජිතේන්ද්‍ර..!! වෙච්ච දේවල් සේරම අපි අමතක කරලා ඉවරයිනේ.. මන් නිසා ඔයා කාටවත් බිල්ලක් වෙන්න ඕන නැහැ.. මොන මෝඩකමක්ද මේ..?" අපුර්ව ජිතේන්ද්‍රගේ නම්බර් එක වැටුන ෆෝන් ස්ක්‍රීන් එක දිහා බලාගෙන මහා සද්දෙන් කෑ ගැහුවා.. අපුර්වට දැන් ජිතේන්ද්‍ර ගේ නම්බර් එක දැක්කත් තරහයි..
"සමහර තීරණ තියනවා අපුර්ව... ඒවා දිහා පිටින් බලන මිනිස්සුන්ට හිතෙනවා ඒවා හරිම මෝඩයි කියලා.. ඒත්.. තීරණේ ගත්ත මනුස්සයා විතරයි දන්නේ ඇයි එයා එහෙම තීරණයක් ගත්තේ කියලා.."
YOU ARE READING
ස්නේහ | Completed
Romanceමීට හරියටම අවුරුද්දකට කලින් මම හිටියේ මුලු හදවතටම අගුලු දාගෙන. ආදරය කියන්නේ මට මේ ලෝකේ තියෙන එක වචනයක් විතරක් වෙලා තිබ්බේ. උබ ආවේ කොහෙන්ද කොහොමද කියන්න මම දන්නේ නෑ අපූර්ව. හැබැයි උබ මාව පිස්සු වැට්ටුවා. ගෑණු දාහක් මැද උනත් එක දශමෙකින්වත් හෙලවුනේ...