‼️දාහත්වන දිගහැරුම‼️

45 5 26
                                    

“නෙත්රු ලොක්කා මොකද උදේම උඹට එන්න කියන්නේ?”

දන්නෑ බං. ඒ ගමන මොන මරාලයක්ද දන්නෑ.” 
:
:
:
:
:
:
:
:
:
:
:
:
:
:
:
:
:
:
:
:
:
:
:
:
:
:
:
:
:
:
:
:

“Excuse me සර්”

“yes come in”

“සර් මට එන්න කියලා තිබ්බා”

“good manners ටිකක් විතර දන්නවා නේද?”නෙත්රු සිය ටැබ්ලටයට මුහුණ ඔබාගෙන පැවසුවා.

[“අනේ ඇත්තමයි මුගේ ආච්චිට හැට්ට රෙදි මහන්න. දැන් උදේම මට එන්න කිව්වේ manners කියලා දෙන්නද? අම්මපා උඩ පැනලා කනට දෙකක් ගහන්න හිතෙනවා”]

තේව් කිසිත් නොපැවසූ නිසා නෙත්රු හිස ඔසවා තේව් දෙස නෙත් යොමු කළා.

“මොකද අද සද්දේ වැහිලා. අර ඊයේ තිබ්බ කට කෝ දැන්?”

“සර් මට ඊයේ මගේ තැන මට පැහැලිවම කියලා දුන්නා.”

නෙත්රු තේව්ගේ වචනය හමුවේ මදක් නිහඬ වූවා.

“සර් ඇයි මට එන්න කිව්වේ?”

“අහ් මෙහ්… ඔය මේසේ උඩ තියෙන කවරේ ගන්න.”

“මොකක්ද සර් මේ?”

“ඔය සල්ලි වගයක්. ඊයේ මං නිසා ඔයාට නැති වුණු ෂර්ට් එකට ඕකෙන් ෂර්ට් දෙක තුනක් ගන්න පුළුවන්”

“හහ්…..සල්ලි!” තේව් කට කොනින් සිනාසුණා.

“ඇයි? ඔතන ලොකු ගානක් තියෙනවා”

“සල්ලි තියෙන මිනිස්සුන්ගේ ප්‍රශ්නේ මේක තමයි. එයාලා හිතන් ඉන්නවා සල්ලි වලට හැමදේම හරිගස්සන්න පුළුවන් කියලා.”

“මේ අහන්න, මට ඔයාගේ ප්‍රේහේලිකා විසඳ විසඳ ඉන්න බෑ. ඔයාට සල්ලි එපා නම් මොනවද ඕනේ කියලා මට කියන්න.”

“මුකුත් ඕනේ නෑ සර්. මම ඒ සිද්ධිය එවෙලෙම අමතක කළා.සර් මට එන්න කිව්වේ ඒකට විතරයි නම් මම දැන් යන්නම් සර්”

නෙත්රු තේව් හට කිසිත් නොපැවසූ නිසා තේව් එතැනින් පිටවීමට සූදානම් වූවා.

“තේව්! පොඩ්ඩක් ඉන්න”

“ඔව් සර් කියන්න. මොනවා හරි වැඩක් තියෙනවා නම් කියන්න සර්.”

Deja Vu_BL Non Fic_Where stories live. Discover now