ටේහ්‍යොන්ග් එයාගෙ අතේ තියෙන golf පිත්ත දිහා බලන් හිටියෙ හදවත ලොකු පසුතැවීමකින් පිරිලා යද්දි. වැල් අකුරු වලින් Kim Taehyung කියලා කැටයම් කරලා තිබුනු තැන මාපට ඇඟිල්ලෙන් පිරිමදින ගමන් ටේහ්‍යොන්ග් තමන්ගෙ හිත තව තව රිදවගත්තා. ඒ රිදිල්ලට තමන් සුදුසුයි කියලත් ටේහ්‍යොන්ග් හොඳින්ම දැනගෙන හිටියා.නොදැක්කා වගේ හිටියට කාලෙක ඉඳන් ආදරේ පිරුනු බෝල ඇස් දෙකක් තමන් දිහාවට හැමවෙලේම යොමුවෙලා තියෙන බව ටේහ්‍යොන්ග්ට රහසක් උනේ නෑ. ඒත් අද රෑ.. ඒ ඇස් කිසිම වෙලාවක ටේහ්‍යොන්ග්ගෙ ඇස් එක්ක ගැටුනෙ නෑ.
ටේහ්‍යොන්ග් ආවටත් පස්සෙ පහළට ඇවිත් ඒ වෙලේ ඉඳන් කිම් ටේහි ළඟට වෙලා හුරතල් උනු ජන්ග්කුක් හිටියෙ වේදනාවෙන් කියලා කාටවත් නොදැනුනාට ටේහ්‍යොන්ග් දැනගෙන හිටියා ඒ හිත හොඳටම රිදිලා තියෙන්නෙ කියලා. හැමෝම හිතුවෙ ජන්ග්කුක් එයාගෙ අම්මා නැති අඩුව ටේහිගෙන් පුරවගන්න හැදුවා කියලා. ටේහි උනත් නම්ජුන්ගෙන් දැනගත්තු දේවල් නිසා ජන්ග්කුක්ව ළඟින් තියන් හිටියෙ එක දවසකට හරි ඒ හිතට මඟ ඇරුනු මවකගෙ උණුහුම, ආදරය ලැබෙයි කියන බලාපොරොත්තුවෙන්.
ඒත් ටේහ්‍යොන්ග් හොඳටම දැනගෙන හිටියා ජන්ග්කුක් එහෙම කරේ එයාව මඟ අරින්න තිබුනු උවමනාව නිසා කියලා.තවදුරත් දරාගෙන ඉන්න බැරිම තැන ගොල්ෆ් පිත්ත එහෙම්මම ඇඳ උඩින් පරිස්සමට තියපු ටේහ්‍යොන්ග් කාමරෙන් එළියට ආවා. එයාගෙ කාමරේ ඉස්සරහින් තියෙන වැහුනු දොර දිහා බලාගෙන ටිකවෙලාවක් කල්පනා කරපු ටේහ්‍යොන්ග් අවසානයට අවිනිශ්චිත අඩි තියන ගමන් ඒ දොර ළඟට ඇවිදගෙන ගියා. ඊටත් පස්සෙ වෙව්ලන අතකින් ලොක් කරලා තිබුනෙ නැති කාමරේ දොර තල්ලු කරපු ටේහ්‍යොන්ග් හෙමිහිට ඒ කාමරේට ඇතුල්වෙලා ශබ්දයක් නොනැගෙන විදිහට දොර ආපහු වැහුවා.
YOU ARE READING
He's Trouble [Taekook] ✔️
Fanfiction"ඔහු සම්පූර්ණයෙන්ම ප්රහේලිකාවක් විය. හැමෝම මට අනතුරු ඇඟෙව්වා, ඔහුගෙන් ඈත් වෙලා ඉන්න කියලා. නමුත් ඔහුගේ ගුප්ත බවින් පිරී ගිය ගැඹුරු දෑස් පළමු දිනයේදීම මා වශී කරගන්නට සමත් වෙද්දි මං තේරුම් ගත්තා මම ලොකු අමාරුවක වැටුනා කියලා." ...