63 කොටස

2.1K 249 50
                                    

"මචං.. උඹත් හිතන්නේ ඉස්සර හිටපු ග්‍රීක් උන්ට පොඩි ට්‍රැකක් තිබිලා තියනවා කියලද..?" වෙච්ච ලජ්ජාවෙන් බේරෙන්න මාතෘකාව වෙනස් කරන්න ඕන නිසාම භවන් අහස දිහා බලාගෙන ඇහුවේ අපුර්වගෙන්..

"මොකෝ..?" අදාළ නැති වුනත් දන්නේ නැති වුනත් අපුර්වත් භවන්ට සපෝර්ට් එකට අහස දිහා බලාගත්තා..

"උඹ මට කියපන් උඹට මොන කෝණෙන් බැලුවමද අර මෙලෝ රහක් නැතුව ඔහේ තැන තැන විසිරිලා තියන තරු ටික හිම වලහෙක් වගේ පෙන්නේ කියලා..?

"මොක්..? සුදූ.. මොකක්..?" මිගාර එක්ක බර කතාවක හිටපු ශාක්‍ය භවන් දිහාවට හැරුනේ මොන කුනුහර්පයක්ද ඒ කිව්වේ බලන්න..

"ඇයි හිම වලසා තරු රටාව..? චූටි අයියේ තමුසෙට එහෙම එකක් පේනවද කියනවකො මෙතන තියන එක තරුවකින්වත්..?"

"සුදූ එහෙම තරු රටාවක් තියෙන්න එපැයි පේන්න..!" ශාක්‍ය නළල අත ගාගත්තේ විසිපන්දාසි එකසිය තිස් වෙනි වතාවටත් භවන් මොන අත උස්සලද කැම්පස් ලෙක්චරර් කෙනෙක් වුනේ කියලා හිතන ගමන්..

"ඈහ්..? මොකද බං නැත්තේ.. හිම වලසා, මහා වලසා, කුඩා වලසා ගගා තිබ්බේ අර අපේ පහ වසර පොතේ.."

"කුඩා බල්ලා..!" ශාක්‍ය බැරිම තැන නළලේ අත ගහගත්තා..

"කවුද යකෝ බල්ලා..? බල්ලා උඹේ සී--"

"සුදූ..!! තරු රටාවේ නම කුඩා බල්ලා..!!!!"

"මචං සිරාද..?" ශාක්‍යව සත පහකට විශ්වාස නොකර භවන් හැරුනේ අපුර්ව දිහාවට..

"Unfortunately ඔව් මචං.."

"හරි.. මොන රෙද්දක් හරි.. කුඩා බල්ලෙක් බැරි නම් කුඩා පගයෙක් හරි උඹලට පේනවද අහස දිහා බලන් ඉද්දී...?

"ඒ අර ඉමැජිනේෂන්ස් නේද භවන්..? හරියට නිකන් අර වලාකුළු වල චිත්‍ර පේනවා වගේ..?"

"ඒ කිව්වේ..?" භවන් ඇහුවේ හෙන උනන්දුවෙන් එයාගේ ප්‍රශ්නෙට උත්තර දෙන මිගාර දිහාවට හැරිලා හරිබරි ගැහෙන ගමන්..

"ම්ම්.. මෙහෙමයි..සමහර අයට වලාකුළු වලින් එක එක රූප පේනවා.. හරියට නිකන් අශ්වයෙක්, පොඩි බබෙක්, ගහක් ඒ වගේ.. හැබැයි එයත් එක්ක ඉන්න අනික් කෙනාට ඒක පෙන්නේ නැති වෙන්න පුළුවන්.. මට හිතෙන්නේ තරු රටා වලට නම් දාපු අයටත් ඒ තරු තිබ්බ විදියට එහෙම පෙන්න ඇති.."

ස්නේහ | CompletedWhere stories live. Discover now