තරුවොඕ නිදි දො.👀 ..
'ම්හ්... විනාඩි 2ක් ඉන්න' කෙලින් කරපු ඔලුව ආයෙ කඩා වැටුණා..හෙන සද්දයක්නෙ ආවෙ
හපොයි ඇදෙන් වැටුනද මං.👀.
නිදිමරගාතෙම හිමීට ඇස් අරිද්දිම කවුදෝ මගෙ කෙනිත්තුවා කියන්නකො...අනෙහ් ☹මටමයි මෙහෙම වෙනස්කම් හැමතැනකින්ම... ම්හ්ක්... හලිම අසාධාරණය කුරිරු ලෝකයක්...අනි.."ආ...වූ..." මං හයියෙන් කෑ ගැහුවා..
"තරූ...මොකද්ද හැබෑට ම ඔය ළමයට වෙලා තියෙන්නෙ..?"
ඇහ්..වෙන්න බෑ.වෙන්න බෑ කීයටවත් ඒ ටීචර් ද..ඈඈ මට වොට් තුන්දාහක කරන්ට් එකකට මැදි වෙලා ඉන්න ජීවියකුට දැනෙන ෆිලින්ග් එකක් දැනෙනො ටීචර් මං දිහා අත් දෙකත් බැදන් බලන් ඉන්නො ඇඳෙ නෙවෙනි මං ඉදලා තියෙන්නෙ
ළමයි හැමෝම හිනා වෙනො😦ලැජ්ජායි හුවෑඈ බිත්තර කට්ටක් වත් නෑ හැංගෙන්න ...."ටීච..ටීච තමා..ඉදගන්නවා..බැලුවොත් නිදි....රෑට නිදියන්නෙ නැද්ද දරුවො..?"
අනේ දෙවියනේ මට වුනු වියෝයා...ඊයෙ රෑ තිස්සේ නිදි මරාගෙන ලියපු home work ටික දාලා ඇවිත් නෙද අනෙහ්😫 මගෙ සිහියට අධිපති දෙව්දුව නිවාඩු ගන්න නිසා තමා මෙම වෙන්නෙ හුම්.😫මෙක හලියන්නෙ නෑ භාවනාවක් වත් කලලා මගෙ විඤ්ඤාණය හොයා ගන්න ඕනි.😴
තිස් තුන් කෝටියක් දෙවිවරු මුළු හිතින් ම සිහි කරන ගමන් මං ටීචර් ගාවට ගියා ඉබි ගමනින්.☹️ මොකද උඩ පැන ගිහින් වැටුනොත් මගේ නම්බුව ලෙෆ්ට් නෙ.."ඔය බලනවා..ඔය බලනවා.." කියලා ටීචර් මගෙ කන ඇද්දා...
"ආව්..ආව්.."
මට ඉතින් රිදුනා..ඉහි ඉහි...මං පවූ..මගෙ කන දික් වෙයි ටීචර්..රබර් නෙවෙ හුවෑඈ ඉහි ඉහි...ඉහි ඉහි ඉහි...කෝ දෙවියනේ ඔබ...මේ අසරණීට වද දෙනවා...ඉහි ඉහි.. ඔයාලා හිතුවද මං මෙවා කිවා කියලා.😴ම්හු නෑ මං හිතුවා විතරයි හි හි මෙවා කිව්වොත් මගෙ කන නෙවෙ අදින්නෙ ඔළුව හිල් කරන්නෙ ටීච..😫කොහොමත් ගෙදරින් අපෙ තාත්තගේ wife මගේ ඔළුවට ටොකූ ඇනලම හිල් වෙලාදො මංදා... මගේ ඔළුව ගියා අතට..ම්හු..නෑ නෑ අත ගියා ඔළුවට මොනා හිතනොද මංදා මාත්...
"ආව් තමා..හෙට බලමුකො පොත..හෙට පන්තියේ හැමෝගෙම පොත් බලනවා.." එහෙම කියද්දි බෙල් එක ගැහුවා...අනෙහ් තව ටිකක් කලින් ඕක ගහන්න බැරි වුණා ද මං අහන්නේ..
