සීතල මීදුමෙන් පිරි සුන්දර නුවර එළිය නගරයේ දෙපසම කැලෑවෙන් වැසී ගිය කාපට් පාරක වේගයෙන් ඉදිරියට ඇදෙන කලු පැහැති ඩිෆෙන්ඩර් රථ දෙකකි.පිටුපසින් පැමිණි රථය හදිසියේම තිරිංග තද කරන්නේ ඉදිරියෙන් ගිය රථය කාර්මික දෝෂයක් හේතුවෙන් නැවතුන නිසා.ඉදිරිපස රථයේ ගමන් ගත් පුද්ගලයා වාහනයෙන් බැස එය පරික්ෂා කරන අතරතුර අනෙක් රථයේ පුද්ගලයා වාහනයේ ෂටර් එක හැර එයින් පිටතට ඔලුව දාලා ඔහුට කෑගැහුවා.
"ඒයි ඩෙනාශ් මොකෝ සීන් එක??"
"මං හිතන්නේ එන්ජින් එකේ අවුලක් ආයු" ඩෙනාශ් කිව්වේ මූණ කරත්තෙට අහුවුණ කජු ලෙල්ල වගේ කරගෙන.
"අඩෝ සිරාවටම.මේ කැළෑ අස්සේ ගරාජ් එකක්වත් නැහැ.දැන් මොකෝ බන් කරන්නේ??” ආර්යන් කිව්වේ වාහනෙන් බැහැලා ඒ පැත්තට යන ගමන්.
“බලමු මචං හදාගන්න පුලුවන් වෙයි” එහෙම කියපු ඩෙනාශ් වාහනේට ඔලුව ඔබා ගත්තා.
ඒත් එක්කම ඇහුනේ වාහනයක් එන ශබ්දයක්.පිටුපස හැරී බැලූ ආයු දුටුවේ ඔවුන් සිටි පැත්තට ඉතා වේගයෙන් එන ගිලන් රථයක්.ඔහු එය එතරම් ගනන් නොගෙන තම මිතුරා කරමින් සිටි කාර්යට අවධානය දෙනවා.නමුත් ඔහුට නැවතත් වාහනයක් එන ශබ්දයක් ඇසී හැරී බැලුවා.තවත් ගිලන් රථයක්!.සිදුවීමෙන් තරමක් විමතියට පත්වූ ආයු එම රථයේ නම්බර් ප්ලේට් එකේ ඡායාරූපයක් ගෙන එය තම නිලධාරියෙක්ට යවා අද දින කොහේ හෝ අනතුරක් සිදූවී ඇත්දැයි මෙන්ම වාහන අංකය පරික්ෂා කර බලන ලෙස පවසා සිටියා.තම ඉහළ නිළධාරියා වන රණසිංහ මහතා දැනුවත් කරන්නත් ඔහු අමතක කලේ නැහැ.
ආර්යන් ආයුශ්මන්ත දේවනාරායන. යාලුවෝ කතා කරන්නෙ නම් ‘ආයු’ කියලා.වයස අවුරුදු 33 ක වෘත්තීය CID Officer කෙනෙක් වන ඔහු අඩි 6ක් පමණ උස,දුබුරු පැහැ දෑස් ඇති,තරමක් සීතල ගති පැවතුම් ඇත්තෙක්.අම්මා,තාත්තා ඇතුලුව ඔහුට වැඩිමල් සහෝදරයෙක් සහ බාල සහෝදරයෙක් සිටිනවා.වැඩිමල් සහෝදරයා වන නියෝන් රේමිත විවාහ වී ඔහුගේ දරුවා සහ බිරිද සමග වෙනමම පදිංචි වී සිටිනවා.බාල සහෝදරයා වන අහස් මන්දාරම් මේ වන විට උසස් පෙළ හදාරනවා.ඔවුන් ව්‍යාපාරික පවුලක්.තමන්ගේ කුඩා කල සිට හොදම යාලුවා වෙන මනෝවෛද්‍ය ඩෙනාශ් රෆායෙල් ඩි සිල්වා එක්ක පෞද්ගලික වැඩ කටයුත්තකට යන අතර තුර තමා මේ ඉහත සිදුවීම වුණේ.
YOU ARE READING
1 1 1 | Completed (Short Story)
Mystery / Thriller"හීනේ සිද්ධ වෙන දේ මොනම හේතුවක් නිසාවත් වෙනස් කරන්න යන්න එපා. මොකද......සිද්ධ වුණ දේ සිද්ධ වෙලා ඉවරයි" Start Date : 2024/07/19 End Date : 2024/10/30