"මිගාර.." අපුර්වට මේ වෙලාවේ ඕන වුනේ මිගාරව සන්සුන් කරන්න..
"ම..මං.. මං.. මොකද්ද කරන්නේ..?" මිගාරගේ කටහඬ තවම වෙවුලනවා..
"මිගාර ඒක හීනයක් විතරයි.."
"හීනයක් විතරයි වෙන්නේ කොහොමද..? මං අම්මට ඒ දේ වෙන්න කලිනුත් ඒක දැක්කා.."
"ඒක අහම්බයක් වෙන්න පුළුවන් මිගාර.. ඔය මේ මනස්ගාත හිතන එක කවද්ද නවත්තන්නේ..? එක පාරක් සයිකෝ ලෙඩක් අල්ලගෙන නැටුවා.. දැන් හීනයක් අල්ලගෙන නටනවා.."
"ඔයා..ට.. තේරෙන්නේ නැහැ බබා.. ඔයාට මට තියන බය.. වේදනාව.. තේරෙන්නේ නැහැ.."
"මට තේරුම් ගන්න ඕනත් නැහැ මේ මනස්ගාත.. ඕක ඔලුවෙන් අයින් කරලා දාන්න කරුණාකරලා.."
"බලාගෙන ගියාම.. මම.. මම.. ඔයාව බේරගන්න ඕන මගෙන්මයි.."
"ඔයාගෙන් මාව බේරගන්න වෙන දෙයක් නම් මම මෙච්චර කාලෙකට දැක්කේ නැහැ.."
"අද..?"
"අද මොකද්ද..?"
"මට කේන්ති ගියාම කන්ට්‍රෝල් කරගන්න බැරි එක..!"
"එතන මගෙත් වැරැද්දක් තියනවනේ..?"
"වැරැද්දක් තියනවා කියලා මරලා දැම්මා හරිද..?"
"මිගාර..!!!! ඇති දැන් මේක.." අපුර්ව කිව්වේ මේකේ ඉවරයක් නැතිම තැන..
"ඔයාට පොඩ්ඩක් හරි බයක් ඇත්තෙම නැද්ද බබා..?"
"මම තමුසෙට බය නැහැ.."
"බබා.."
"මං දන්නවා දැන් අහන්න යන එක..!" අපුර්ව කිව්වේ ලොකු හුස්මක් පිට කරලා මිගාර දිහා බලාගෙන..
"මට බයයි බබා.. ඔයාව පරිස්සම් කරන්න වෙන්නේ මගෙන්මයි කියලා දැනෙද්දී මට බයයි.."
"හරි.. ඉතින්..? දැන් මොකද්ද කියන්නේ..?"
"ඔ..ඔයාට.. මගෙන්.. අයින් වෙන්න--"
"රෙද්දක් කතා කරන්න තියාගත්තනේ.. මේක කරගන්නද අර එදා පිස්ටල් එකකුත් අරගෙන නැටුවේ එහෙනම්..?" අපුර්ව කිව්වේ ඉවරයක් නැති ප්‍රශ්න එන එන පාරට දෙන්නගෙන් එක්කෙනෙක් පිස්සු නටන්න තියාගන්න එක ඇතිම වෙලා..
YOU ARE READING
ස්නේහ | Completed
Romanceමීට හරියටම අවුරුද්දකට කලින් මම හිටියේ මුලු හදවතටම අගුලු දාගෙන. ආදරය කියන්නේ මට මේ ලෝකේ තියෙන එක වචනයක් විතරක් වෙලා තිබ්බේ. උබ ආවේ කොහෙන්ද කොහොමද කියන්න මම දන්නේ නෑ අපූර්ව. හැබැයි උබ මාව පිස්සු වැට්ටුවා. ගෑණු දාහක් මැද උනත් එක දශමෙකින්වත් හෙලවුනේ...