Chapter 13

951 192 52
                                    

ගෙදර ආපු ගමන් කෙලින්ම එයාගෙ කාමරේට දුවලා ගිහින් ඇඳට වැටුනු ජන්ග්කුක් පුපුරු ගහන රතු තොල් උඩින් එයාගෙ ඇඟිලි තදකරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ගෙදර ආපු ගමන් කෙලින්ම එයාගෙ කාමරේට දුවලා ගිහින් ඇඳට වැටුනු ජන්ග්කුක් පුපුරු ගහන රතු තොල් උඩින් එයාගෙ ඇඟිලි තදකරා. තාමත් ටේහ්‍යොන්ග්ගෙ තොල් අතරට ඒ තොල් තෙරපිලා තියෙනවා වගේ හැඟීමක් එයාට දැනුනෙ.

අත් දෙකෙන්ම මූණ වහගත්තු ජන්ග්කුක් පහත් හඬකින් ගෙරවිල්ලක් පිට කරන ගමන් ඇඳෙන් එළියෙ තිබුනු කකුල් දෙක උඩට පාතට වැනුවා.

"Don't tell me I'm falling for him.. A MAN!" ටේහ්‍යොන්ග් කියන්නෙ පිරිමි කෙනෙක් කියලා මතක් වෙනවත් එක්කම ජන්ග්කුක් ඉක්මනට නැගිටලා ඇඳෙන් ඉඳගත්තා. "එයා පිරිමි කෙනෙක්.. එතකොට මං.. ආශ්!" ඔලුව අත් දෙකේ ඔබාගෙන ටිකවෙලාවක් හිටපු ජන්ග්කුක් දිග හුස්මක් උඩට අරන් සන්සුන් වුණා.

මීට ටිකකට කලින් ටේහ්‍යොන්ග්ගෙන් ලැබුනු රළු හාදුවෙන් කැළඹිලා හිටපු ජන්ග්කුක් දැන් හිටියෙ තමන්ගෙම හැඟීම් තේරුම් ගන්න උත්සාහ කරන ගමන්.

මොකද එයාට අනුව එයා ටේහ්‍යොන්ග්ව දැක්කෙ එයාගෙ celebrity crush එක විදිහට.. එයා ටේහ්‍යොන්ග්ව ආශ්‍රය කරේ හොඳ යාලුවෙක් විදිහට. සමහරවිට එයා අතින් නොදැනුවත්වම ඊට එහා ගියපු දේවල් වෙන්න ඇති. ඒකනෙ එයාගෙ හ්‍යොන්ග්, ජිමින් ටේහ්‍යොන්ග් ගැන කියලා එයාට නිතරම විහිලු කරන්නෙ. හැබැයි ජන්ග්කුක් ඒ ගැන මේ වෙනකම් ඕනෙවට වඩා දුර හිතලා තිබුනෙ නෑ. ඒත් දැන්.. දැන් ජන්ග්කුක්ගෙ හිත වෙනස් හැඟීම් වලින් පිරිලා.

ටේහ්‍යොන්ග් එයාව එකපාරටම කිස් කරාම එයා බය උනු එක ඇත්ත.. ඒත්, ටේහ්‍යොන්ග් rapist කෙනෙක් විදිහට හංවඩු ගැහුනු කෙනෙක් නිසාම නෙවෙයි ඒ බය ඇති උනේ. ඒ බය ඇතුලෙ ජන්ග්කුක් ඒ හාදුවට කැමති උනු එකත් තිබුණා. ඉතින් එකපාරටම කරන්න දෙයක් හිතාගන්න බැරි උනු නිසයි එයා එතනින් දුවගෙන ආවෙ. 

He's Trouble [Taekook] ✔️Where stories live. Discover now