37 වන පරිච්ඡේදය

1K 140 83
                                    

ඇදුමක් අරගෙන ගියාපු නැති නිසා ම එයාට කතා කරලා තුවාය ඉල්ල ගත්ත මන් එකත් පටල ගෙන එලියට ආවා... දශ්මිර දාගෙන එයාගේ කොණ්ඩේ හදනවා... කාට ද පෙන්න ද දන්නේ නැහැ... ම්න්... අල්ලලා තට්ටේ ගානවා මන් ඔය කොණ්ඩේ හිතුනොත්... පුහ්...

හිතින් එයාගේ කොණ්ඩේට බනින ගමන් එයා ගාවට ගියාපු මන් පොඩි එකාගේ කරට පැන්නේ... කොල්ලා මන් වැටෙයි කියලා බයට දෝ මාව අල්ලන් ඉද්දි... වැටෙන්නේ නැහැ මොකො මන් පොඩි එකෙක් ද බිම වැටෙන්න...

" දෙකක් දෙන්න කලියෙන් බැහැපිය අයාන් බිමට "

" පුහ් "

මගේ පැත්තට හැරිලා ඇස් දෙකත් හිනි කරගෙන දශ්මිර මන් දිහාම බලන් හිටියේ මන් එයත් එක්ක හිනා වෙද්දි... බයට නෙමේ බැස්සේ නිකන් ආසාවට... ම්න්... හිතුවද දන්නේ නැහැ බයට කියලා... මන් සර්... සර්ලා ලමයින්ට බය නැහැ ආදරේ විතරයි... ම්න්...

" එදා එක රිදෙන්න ඇති "

" මතක නැහැ කොල්ලෝ... සිහිය නැති උනා නේ... නැගිට්ටයින් පස්සේ නම් රිදුනා දැන් හොදයි එක වෙලාවත් අවුරුදු කියක් ද... මේ එක නෙමේ ඔයා කොහොම ද එක දන්නේ ඈ දශ්මිර මන් ඩොක්ටර් ආකේන්ද්‍රන්ටවත් එහෙම දෙයක් කිව්වේ නැහැ නේ "

මගේ වම් තනපිඩුව උඩ නිල් වෙලා ගිහින් තියෙන තැන මහාපොට ඇඟිල්ලෙන් පිරිමදින ගමන් දශ්මිර එක එදා රිදෙන්න ඇති කියලා කියනවා... රිදෙනවා තමා කොල්ලෝ... මන් හිතුවේ ඒ වැදිච්ච පාරට මැරුනා තමයි කියලා... ඇයි ඉතින් එක ඒ තරම් ව වේගෙන් ආවා නේ...

එත් ඉතින් එක දශ්මිර දැන ගන්න විදියක් නැහැ නේ... එතකොට මන් ගොඩක් පොඩි නේ... මන් හිතන්නේ දශ්මිරත් එකේ හරි දෙකේ හරි වෙන්න ඔනා... අනික මන් ඔය බොලේ වැදිච්ච සිද්දිය එයාට කිව්වේ නැහැ නේ... අපේ අම්මාවත් කියලා ද... වෙන්න බැහැ එයා අපේ අම්මා එක්ක ඉන්නේ කෙන්තියෙන් නේ... එහෙම නැත්නම් මන් ම එයාට එක ගැන කිව්වා ද... මතක නැහැ නේ...

" ඔලුවත් තෙමාගෙන... පොඩි එකෙක් වගේ බන් "

" තෙමා ගත්තේ නැහැ කොල්ලෝ වැරදිලා තෙමුනේ... ම්න් "

මන් ඇහුව දේ මඟ හැරලා මගෙන් ආපිට වෙන ප්‍රශ්නයක් දශ්මිර ඇහුවේ මාත් එක ගැන පන්න පන්න අහන්න යන්නේ නැතුව එයා එක්ක හිනා වෙන කොට...

දුරුතු සඳ | 𝐀𝐑𝐓 𝐎𝐅 𝐇𝐄𝐀𝐋𝐈𝐍𝐆 ( ꪗɀ / ꪮ᭢ᦋꪮỉ᭢ᦋ )Where stories live. Discover now