38 වන පරිච්ඡේදය

905 134 123
                                    

" මොනාද කොල්ලෝ ඔයා ඔය ඔකට එබිගෙන කරන්නේ "

සහන්ස ගාවට ඇවිදින් එයා ගාවින් ම ඉද ගත්ත මන් කටත් උල් කරගෙන ම චැනල් මාරු කරන්න ගත්තේ එයා දාගෙන ෆොන් එක දිහා ම බලන් ඉද්දි...

බලන්නයි කියලා මොකුත් ම ටිවි එකේ යන්නේ නැති වෙන කොට... රෙමෝට් එක පැත්තකින් තියාපු මන් සහන්සගේ ෆොන් එක එබුනා... මෙහෙම වෙන කෙනෙක්ගේ ෆොන් එකට එබෙන එකත් හොද නැ... ඒ උනාට කමක් නැහැ...

Aiya [ 🐞 ]

ඔපන් වෙලා තිබුන චැට් එකේ තිබුනේ අයියා කියලා වෙනකොට... එහා පැත්තෙන් මොනා හරි ටයිප් කරනවා... අයියා කුරුමිනියෙක් ද... මට මොකා කුරුමිනියෙක් නැත්නම් කුරුල්ලෙක් උනත් මට වැඩක් නැහැ නේ...

" පොඩි වැඩක් සර්... අරුට දැන් කොහොම ද... අවුලක් නැහැ නේ... සර් ආවේ මොනා හරි ඉල්ල ගන්න ද "

මන් දිහාවත් නොබලා ම සහන්ස එයා පොඩි වැඩක් කිව්වා... අප්පට සිරි එහා පැත්තෙන් දිපවංශේටත් වඩා දිග මැසෙජ් එකක් ආවේ... එක කියවන ගමන් හිටිය සහන්සගේ අත මිටි මොලවෙන කොට... එක්කෝ මන් මෙතනින් නැගිටලා ගිහින් වෙන වෙලාවක එනවා... ම්න්... අනේ පනුවෝ ඉක්මනට වරකෝ...

" ඔහ්හ්... බෙහෙත් ටික බිව්ව නිසා දැන් අඩුවක් දැනෙයි ඇඟ හොදගෙන එන්න කියලා ගියේ ඔය... මේ එක නෙමේ සහන්ස දශ්මිර ගැන ඔයා දන්න දෙවල් මොනාද දරුවෝ..."

" දශ්මිර "

මන් දිහා බලලා ඇහිබැමක් ඉස්සුව සහන්ස දශ්මිර කියලා ඇහුවේ මන් ඔව් කියන්න ඔලුව වනන කොට... මන් මොකට ද මේ හිම්මිච්චාට බය වෙන්නේ... මන් සර්... අනික ඔය අයියා නෙමේ බයියා උනත් මට වැඩක් නැහැ... උස්සලා ගිහින් දානවා බේරේ වැවේ... මේ ඉගෙන ගන්න ඔනා කාලේ... ලව් කරන්නේ නැහැ...

Ok... Bye 👍

" ම්... මන් දැන ගන්න එපැයි එයා ගැන නේද දරුවෝ "

මුගේ අප්පාට... අර මාගල ම කියොලා ඔකේ බායි කියලා විතරක් දැම්ම සහන්ස ෆොන් එක එහාට කෙරුවේ මන් අහක බලා ගනිද්දි... ඒ අතින් බලන කොට පනුවා හොදයි... මන් මොන ඇටි කෙහෙල දැම්මත් එයා තඩි ම තඩි රිප්ලයි එකක් එනවා නේ...

දුරුතු සඳ | 𝐀𝐑𝐓 𝐎𝐅 𝐇𝐄𝐀𝐋𝐈𝐍𝐆 ( ꪗɀ / ꪮ᭢ᦋꪮỉ᭢ᦋ )Where stories live. Discover now