68 කොටස

2K 253 45
                                    

"මිගාර.." අපුර්වට කියන්න දෙයක් ඉතුරු වුනේ නැහැ..

"උඩට යන්න අපුර්ව.." මිගාර හරිම සන්සුන් විදියට කියද්දී අපුර්වටත් නොදැනීම අපුර්වගේ හැඟීම් ඇවිස්සිලා තිබුනේ..

"බැහැ.. මට ඔයාව ඕනනේ.. යමුකෝ උඩට.." මිගාරගේ සීතල හැසිරීම නිසා තව තව මිගාරව ඕන කියලා දැනෙද්දී අපුර්ව කිව්වේ කෙඳිරියෙන් වගේ..

"මම හරිම අමාරුවෙන් මේ කේන්තිය පාලනය කරගෙන ඉන්නේ අපුර්ව.. අද මුකුත්ම නොවුන නිසා මම පාඩුවේ ඉන්නේ.. මොනවම හරි දෙයක් උනා නම්..! හ්ම්ම්.. යන්න උඩට අපුර්ව.." බර හුස්මක් පහතට දාලා මිගාර කිව්වේ අහක බලාගෙන..

"මාව තනියම දාලා යන්න එපා.."

"කිව්වම අහලා යන්න දැන් හොඳටම රෑ වෙලා.."

"හරි.. ඕන නැහැ.. මම යාගන්නම්.. ඔයා යන්න.."

"මම එක පාරක් කිව්වම කියන දේ අහන්න අපුර්ව.. උඩට.. යන්න.."

"මං යන්නම් ඉතින්.. ඔයා ඔයාගේ පාඩුවේ යන්න... ඔයාට මාව දැන් ඕන නැහැනේ.. එපා වෙලානේ ඉන්නේ.. මෙච්චර එන්න එන්න කියද්දීත් දාලා යන්නේ ඒකනේ.." අපුර්ව කලේ අත් දෙක පපුවට බැඳගෙන වාහනෙන් එහාට වෙච්ච එක..

"ඇයි මගේ කේන්ති අවුස්සන්නේ..? මං සැනසීමේ ඉන්නවා බලන්න කැමතිම නැද්ද ඔයා..? යන්න උඩට.."

"කිව්වනේ.. මම යාගන්නම්.. පොඩි බබෙක් නෙමෙයි මං.."

"මම බලන් ඉද්දී උඩට යන්න.."

"බැහැ.. ප්--" අපුර්වට කියන්න හම්බුනේ නැහැ..

ස්ටියරින් වීල් එක මිරිකගෙන හිටපු මිගාර ක්ෂණිකයෙන් වාහනේ දොර ඇරලා අපුර්ව ඉන්න පැත්තට ගියේ අපුර්වට මොකද්ද වුනේ කියලා හිතාගන්නවත් ඉඩක් නොතියා.. තප්පර පහක් හයක් ඇතුලත අපුර්වගේ ලඟට ගිය මිගාර කලේ අපුර්වව එහෙමම වාහනේට තියලා තද කරපු එක..

"එක.. පාරක්.. කිව්වම.. කියන.. දේ.. අහනවා.. මගේ.. මාරයා.. ඇවිස්සෙන්න.. කලින්.. දැන්මම.. උඩට.. යනවා..!!!" වචනෙන් වචනේ බර කරලා අපුර්වගේ කණ ළඟට කරලා මිගාර කිව්වේ ලිෆ්ට් එක පැත්තට අත දික් කරලා..

"ඇයි මාව ගණන් ගන්නේ නැහැ වගේ ඉන්නේ..? මාත් එක්ක උඩට යමු.. මං හිතන්නේ මාව ඇවිස්සිලා ඉන්නේ. මට ඔයාව ඕන දැන්.."

ස්නේහ | CompletedWhere stories live. Discover now