Chapter 14

966 196 54
                                    

"කොහෙද මේ?" ටේහ්‍යොන්ග් එක්කම කාර් එකෙන් බැහැපු ජන්ග්කුක් ඇස් වටේටම කරකවන ගමන් ඇහුවම ටේහ්‍යොන්ග් හිනාවක් දාලා ඉස්සරහට ඇවිදගෙන ගියා.

පාලු ස්වභාවයක් ගත්තා උනත් ඒ අවට පරිසරයෙ ගැබ්වෙලා තිබුනෙ රාජකීය උද්‍යානයකට සමාන හරි ගාම්භීර සුන්දරත්වයක්.

කළු පැහැ දැවැන්ත ගේට්ටුවෙන් පටන් ගත්තම ලොකු ඉඩකඩක පැතිරිලා තිබුනු උද්‍යානය එක එක ජාතියෙ මල් වලින් සහ තුරු වැල් වලින් සමන්විත වුණා. ඒ මැද්දෙන් තද දුඹුරු සහ කළු මිශ්‍ර විශාල මන්දිරයක් උස්ව නැගී සිටියා.

ටේහ්‍යොන්ග් අතේ තිබුනු යතුරෙන් දොර විවෘත කරලා ජන්ග්කුක්ට ඇතුලට යන්න කියලා සන් කරා.

සුඛෝපභෝගී බවකුත් එක්ක පෞරාණික පෙනුමක් මුසු උනු නිවස ඇතුලත සැරසිලි ටේහ්‍යොන්ග්ගෙ අපාට්මන්ට් එකට ටිකක් විතර සමාන වෙද්දි ඒ ටේහ්‍යොන්ග්ගෙ මැන්ශන් එකක් වෙන්නැති කියලා ජන්ග්කුක්ට හිතුනා.

මැන්ශන් එක ඇතුලෙ අත්‍යාවශ්‍ය ගෘහ භාණ්ඩ සියල්ලක්ම වගේ තිබුනත් කවුරුත් එහෙ ජීවත් වෙනවා කියලා හිතන්න බැරි තරමේ පාලු ස්වභාවයකින් මුලු මන්දිරයම පිරිලා තිබුණා.

"Breakfast අරන් ආපු නිසා බඩගිනි එහෙම නැතුව ඇතිනෙ.. තිබුනත් ඉතින් මෙහෙ කන්න බොන්න ජාති නම් මුකුත් නෑ." ටේහ්‍යොන්ග් living room එකේ තිබුනු සෝෆා එකකින් ඉඳගන්න ගමන් කිව්වම ජන්ග්කුකුත් ටේහ්‍යොන්ග් ළඟින් වාඩිවුණා.

He's Trouble [Taekook] ✔️Where stories live. Discover now