69 කොටස

2K 247 16
                                    

ලාවට රතු වේගෙන එන ඇස් වලින් අපුර්ව දිහා බලන් හිටපු මිගාරගෙත් ඊයේ ඉඳන්ම උවමනාවටත් වඩා මිගාරව ඕන කියලා දැනුන අපුර්වගෙත් දැහැන බිඳුනේ මිගාරට ආපු කෝල් එකකින්..

කෝල් එක එද්දිම අපුර්වට ෆෝන් ස්ක්‍රීන් එක දිහා බැලුනා..

Mr. Dias Calling...

ෆෝන් ස්ක්‍රීන් එක දිහා බලපු මිගාර ඒකට අනවශ්‍ය විදියට කලබල වුනාද කියලත් අපුර්වට හිතුනේ පුදුම කලබලෙන් ෆෝන් එක අරගෙන කෝල් එක කට් කරලා දාපු නිසා..

"ඇයි..? ආන්ස්වර් කරන්න.." අපුර්ව කිව්වා නෙමෙයි කියවුනා..

"ආහ්.. මේ ඒක අවශ්‍ය කෝල් එකක් නෙමෙයි.."

"හ්ම්ම්.."

බාප්පාගේ ගෙදර යනවා කිව්වට කොහෙද තියෙන්නේ කොහෙටද යන්න ඕන කියලා නොකිව්වත් මිගාර අපුර්වව හරිම තැන ගෙනත් බස්සද්දී අපුර්ව පුදුම නොවුනේ මිගාර එයා ගැන හැමදෙයක්ම එයාටත් වඩා දන්නවා කියලා දැනටම අත්දැකීමෙන් දන්න නිසා..

"ඔයා එන්න එපා.." ගේට්ටුව ඉස්සරහින් නවත්තලා මිගාර ගේට් එක අරින්න බහින්න හදද්දිම අපුර්ව කිව්වා..

"නෑ.. ඔයා තනියම කොහෙවත් යන්නේ නැහැ.." මිගාර කිව්ව්වේ අපුර්ව ගලවන්න ගිය සීට් බෙල්ට් එකට අත තියලා..

"ඔයා ඕන නැහැ මිගාර.. මම මේක ඉක්මනට ඉවර කරලා එන්නම්.."

"කිව්වනේ එක සැරයක්..? ඔයා කොහෙවත් තනියම යන්නේ නැහැ.."

"මේ බාප්--"

"බාප්පා නෙමෙයි තාත්තා වුනත් මට අදාළ නැහැ.. යනවා නම් මාත් එක්ක ඇතුලට යමු.. නැත්තම් ආයේ ගෙදර යමු.."

"අහන්නකො මිගාර..."

"පලවෙනි ඔප්ෂන් එකද..? දෙවෙනි එකද..?" මිගාර අපුර්ව දිහාවට හැරිලා ඇහුවේ වාහනේ දොර ලොක් කරන ගමන්..

"අහන්න අයියෝ.. ඔයාට එන්න එපා කිව්වා.."

"කවුද..?"

"බාප්පා.."

"අදාළ නැහැ.. බහිනවා නම් මාත් එක්ක.. නැත්තම් නැහැ.."

"හ්ම්ම්.. යං.." නළල ඇඟිලි තුඩු වලින් මිරිකගෙන අපුර්ව කිව්වේ මිගාරව දැන් අවුස්සගත්තොත් සේරටම වඩා හපන් නිසා..

ස්නේහ | CompletedWhere stories live. Discover now