අවුරුදු 13ක් තිස්සෙ කට්ට කාලා ඒලෙවල් Bc commarce වලින් ඊයෙ ඉවර කරලා අද සැනසීමෙ ඉන්න කියලා ගෙදර එන්න හිතුවා විතරයි! සතේෂුයි කෙවිනුයි ප්‍රධාන පාපමිත්රයො සෙට් එක මාව කන්න බලාගෙන බඩුත් පැක් කරන් අද උදේ මගේ බෝඩිමේ ඩෙගා නටන්න තියාගත්තා.. මගේ කාර් එකේ ඔක්කොටම ගෙදර එන්න බෑ කියලා පොයින්ට් එකක් දැම්මට මොකද මගෙ බයික් එකත් උන් ඉස්සුවා.. මුන් කරල තියෙන වැඩේ කියන්නෙ මං උදේ 4.00ට විතර තුවායත් අරන් එලියට බහිද්දි එලියෙ කොරිඩෝ එකේ ඉදන් හිටියා.. මං යයි කියලා 4.10 ඉදන් මෙතනලු! ට්‍රැක් ඩයල් අප්පා..
"අකිල ධනුද්දර හාමු මහත්තයා මොකද කියන්නෙ ප්ලේන්ටියක් ගහමුතේ"
"නවත්තපං ඔය තේ තේ ගෑවිල්ල.. හරියට කතාකරපං සතීෂ් නිලංජන"
"කෙවින් විනූෂ! අනාගත ව්‍යවසායකයාට අත හිත ලබා දෙන්න ඔබත් එක්වන්න"
"මෙන්න මූ ප්රවෘත්ති කියන්න යවන්න හොදයි.. ආයුබෝවන්! ඔබ මේ එක්වී සිටින්නේ ලයිව් ඇට් හත සමගයි..! මම, වෙනුග ඩිල්ෂාන්"
"ලයිව් ඇට හත කිව්වනම්"
"අනෙ හුත්තො වැරදුනා කට් කරපං ඔ්ක! අඩෝ බල්ලෝ!!"
පිටිපස්සෙ සීට් එකේ ඉදන් මැද ඉන්න වෙනුගයව බයිට් කරන ගමන් සතිමතායි වැනිලා බෝතලෙයි ආතල් එකක් ගන්නකොට කාර් එක ඩ්‍රයිව් කරන මම මුන්ගෙ විකාර අහගෙන පාඩුවේ ගියා.. ශේන් හංසක ඌගෙ පොත කියවන ගමන් හිටියත් මිනිහට අසූහාරදාහට මලනැගලා අරුන්ට රවනවා මං බලාගෙන..
ඔව් ඉතින් මුන්ගෙ කෑගැහිල්ලට කොහෙ පොත් කියවන්නද?
"ඔන්න ඔ්ක එහෙ ගිහින් කියවහං බන්.. එහෙ ඔ්නතරම් නිසංසල සද්ද බද්ද නැති තැන් ඔ්න තරම් තියෙනවා.."
"මට මුන්ගෙ කටවල් මහන්න පුලුවන් නම් අම්මප මං සැනසීමෙන් ඉන්නව"
මම ඔලුව වනලා ශේන්ට එකග වුනා.. ඒකනම් සහතික ඇත්ත! මුන්ව හදන්න බෑ..
මගෙ බයික් එකේ ආව ආරව් ගගනත් එක්ක කාර් එක ඉස්සර කරලා නැවැත්තුවහම මමත් එතන ලග තිබ්බ සයිවර් කඩේට පොඩ්ඩක් මෙහායින් පාර්ක් කලා..
YOU ARE READING
තත්පර the sec
Terrorඉරෙන් වැඩ දාහක් කරගනිද්දි කවියෝ පද ගෙත්තම් කලේ හදට.. එකත් ඉර එලියෙන් ලස්සන වෙන හදට.. පුංචි පුංචි වතුර බිංදු වැටෙන වැස්සට ගොඩක් අය ආදරේ කලේ පායන වෙලාවට නොසෑහෙන්න වැඩ අරන්.. ඉතින් පද අමුණන ඔයාට ඇයි බැරි අපි වෙනුවෙන් කැප වෙන ඒ කාර්තු,ඒ අයට උපහාර කරන්න...