"සීයා තාත්තෙ"
"ආරව් පුතත් ඉන්නෙ"
"ග්‍රෑන්ඩ් පපා"
"සීතා.."
"කියන්ඩ අපෙ හාන්දුරුවනෙ"
"කෑම ටේබල් එකට බෙදන්න. රාසමානික්කම්ට එන්න කියන්න.."
"එහෙමයි අපෙ හාන්දුරුවනෙ"
"සීතා.. මේ දරුවන්ට නවතින්න කාමර ලෑස්ති කරලා දෙන්න"
"එහෙමයි.. එහෙමයි.. පුංචි මහත්තයා!"
"කියන්න සීතා අම්මෙ"
"දෙයියන්ට ඔප්පු වෙච්චාවෙ.. මහ රාත්තිරියෙ දැක්කට පස්සෙ නොවැ දකින්නෙ! වෙනසක් නෑ මයෙ අම්මා උන්න විදියමයි.."
"මොනවද කන්න තියෙන්නෙ යකෙක් කන්න බඩගිනී මට"
"අහ්.. එන්ඩ එන්ඩ.. මං ටක් ගාලා මේසෙට බෙදලා දෙන්නං.. පුතාලත් දැම්ම කනවද නැත්තං තේකක් බොනවද?"
"බඩගිනී නැන්දෙ"
"ආ.. ඉන්ඩ මං ලෑස්ති කරන්නං."
"පුංචි මාත්තියා.. ආරව් අණ්ණත් ඇවිල්ල.. මේ අණ්ණලා කවුද මාත්තියා?"
අපේ වැඩට ඉන්න කොල්ලෙක්.. මං අදුරනවා.. චුට්ටා කියන්නෙ අනාතයෙක්.. ඒකයි මෙහෙ ඉන්නෙ
"මේ ඉන්නෙ සතීෂ්.. මේ විනුග.. මේ කෙවින්.. මේ ඉන්නෙ ගගන.. මේ ඉන්නෙ ශේන්"
මගෙ පිටිපස්සෙ ඉදන් ප්‍රදේශය නිරීක්ෂණය කර කර හිටපු ශේන් එකපාරට උගෙ නම මං කියනවත් එක්ක හැරිලා චුට්ටා දිහා බැලුවම චුට්ටා හිනාවක් දුන්නා.. ඒත් ඌ ඒ දීපු හිනාව මට එච්චර ඇල්ලුවෙ නෑ.. ඒක ටිකක් තදට මූණෙ ඇදිච්ච පිරිපුන් හිනාවක්.. ඔ්කා මං එක්කවත් ආතල් එකට හිනාවෙලා නෑ ඔහොම.. ශේන් ඔක්කොටම හපන්.. ඌ දාගන හිටපු කණ්ණාඩි දෙකත් සෙට්ල් නෑ පොඩ්ඩක් පාතට ලිස්සලා ගියා..
YOU ARE READING
තත්පර the sec
Horrorඉරෙන් වැඩ දාහක් කරගනිද්දි කවියෝ පද ගෙත්තම් කලේ හදට.. එකත් ඉර එලියෙන් ලස්සන වෙන හදට.. පුංචි පුංචි වතුර බිංදු වැටෙන වැස්සට ගොඩක් අය ආදරේ කලේ පායන වෙලාවට නොසෑහෙන්න වැඩ අරන්.. ඉතින් පද අමුණන ඔයාට ඇයි බැරි අපි වෙනුවෙන් කැප වෙන ඒ කාර්තු,ඒ අයට උපහාර කරන්න...