“තේව්……”“හහ්…..නෙත්රු!!”
:
:
:
:
:
:
:
:
:
:
:
:
:
:
:
:තේව් ක්ෂණයකින් සිය දෙනෙත් විවර කළ අතර එතැන කිසිවෙකුත් නොසිටි බැවින් එය ඔහුගේ සිතළුවක් බව ඔහුට වැටහුණා.
“අහ්හ්හ්…… මොන මගුලක්ද මේ? ඇයි මට මෙහෙම වෙන්නේ?”
තේව් සිය හිසකෙස් කෝපයෙන් ඇද ගනිමින් කෑ ගැසුවා. ඔහු සයනයෙන් නැගී සිට කණ්නාඩිය ඉදිරිපසට ගොස් එහි ඔහුට පෙනෙන ඔහුගේම ප්‍රතිබිම්බය දෙස කලකිරීමෙන් බලා සිටියා.
“ඇයි මට මෙහෙම දැනෙන්නේ? මේක වැරදියි. මට බයයි. ඇයි මටත් වෙන අය වගේ දැනෙන්නේ නැත්තේ?” තේව්ගේ දෙනෙතෙහි කඳුළු පිරී දිලිසෙන්නට වුණා.
තේව් සිය ලඟම මිතුරා වූ දින පොත ගෙන යමක් සටහන් කරන්නට වූවා.
**************************************
“මිස්ටර් පලිහවඩන, මං ඔයාට වේලස්සනම කිව්වා ඔය ප්‍රශ්නය පටන් ගත්ත තැනදිම ඉවරයක් කරන්න කියලා. නියපොත්තෙන් කඩන්න තිබිච්ච දේ දැන් පොරොවෙන් කපන්න වෙන්නේ”
“මං කොහොමද මිස්ටර් ගජේන්ද්‍රසිංහ සමාජෙට මූණ දෙන්නේ. මම පුළුවන් තරම් කාලයක් මේක වසන් කළා. ඒත් මේකා මට කරපු වැඩේ බලන්න. මූ ඒ කොල්ලත් එක්ක පැනලා ගිහින්.”
“මොනවා? කවදා සිද්ධවුණු දේවල්ද මේ? ෂික් හිතද්දිත් මට අප්‍රසන්නයි. මගේ එකෙක් වගේ වුණා නම් මම මගේ අත් දෙකෙන් මරලා දාන්නේ. මුං ළමයි නෙවේ,කාලකන්නි අවලං බල්ලෝ.”
අවුරුදු 13ක් වුනු මට අප්පච්චිගෙයි පලිහවඩන අංකල්ගෙයි කතා වුණ දේ ඒ තරම් තේරුණේ නෑ. නමුත් ඒ සංවාදේ වෙලා දින තුන හතරකට පස්සේ පත්තරේ තිබුණු නිවුස් එකක් දැකලා මම ටිකක් කලබල වුණා. ඒ අභිමන්‍යු අයියා ඇක්සිඩන්ට් එකකින් මැරිලා කියන නිව්ස් එක. එයත් එක්ක ඒ වෙලේ අභිමන්‍යු අයියාගෙම වයසේ වගේ එයාගේ යාළුවෙකුත් කාර් එකේ ඉඳලා තියෙනවා. ඒ දෙන්නවම බේර ගන්න බැරි වෙලා. අභිමන්‍යු කියන්නේ වෙන කවුරුවත් නෙවේ පලිහවඩන අංකල්ගේ පුතා. හේතුවක් දන්නැති වුණත් මම ඒ මොහොතේ බය වුණා. නමුත් කාලය ගතවෙන විට මම දැන ගත්තා අභිමන්‍යු අයියා එක්ක එදා කාර් එකේ හිටියේ එයාගේ පෙම්වතා බවත් ඒ අනතුර සාමාන්‍ය අනතුරක් නොවන බවත්.
YOU ARE READING
Deja Vu_BL Non Fic_
Non-Fictionදෙහදක නිපන් නොකියූ ආදරය 🥀❤️ ආදරය සුන්දර හැඟීමක්. ආදරයට සම්මතයක් ගොඩනැගුවේ කවුරුන්ද? ආදරය කිරීම ජීවිතයෙන් වන්දි ගෙවීමට තරම් වරදක්ද? ආදරයක් සෙනෙහසක් නොලැබුණු මට ඒ ආදරය ලැබුණේ නුඹෙන්ම පමණයි.