"මම කියපු දේ ගැන හිතලා බැලුවද පුතේ..?"
"ම්ම්.. බාප්පේ.. මට හිතෙනවා මට පුළුවන් කියලා මෙතනින් එහාට තාත්තගේ බිස්නස් ගැන බලාගන්න.." අපුර්වට ඕන වුනේ ඉක්මණට ෆෝන් එක තියන්න..
"මම කියපු දේවල් පුතාට බරපතලක් තේරිලා නැහැ වගේ.."
"නැහැ එහෙම නෙමෙයි.. මම දැන් මේවා බලාගන්න පුළුවන් වයසක ඉන්නේ කියලා මට හිතෙනවා.."
"පුතා තනියම ඕවා බලාගන්න එක කමක් නැහැ.. මම මේ කිව්වේ වැඩි ආරක්ෂාවට.. මොකද ඇතුගල්බණ්ඩාර කෙනෙක් ගෑවුන තැන විනාසයි.. අහලා නැද්ද.. මිනිස්සුන්ට කොච්චර තිබ්බත් මදි කියලා.. තියන මිනිස්සු තමයි වැඩිපුරම තන්නාසේ.."
"හ්ම්ම්.. එහෙමමත් නෑ බාප්පේ.. තියන මිනිස්සුම විතරක් නෙමෙයි.. සමහර නැති මිනිස්සුත් ඉන්නවා අනුන්ගේ දේවල් බලෙන් හරි තමන්ගේ කරගන්න හදන.."
"ප්.. පුතා.. ක්..කාටද ඒක කිව්වේ..?"
"නැහැ මම මේ පොදුවේ කිව්වේ.."
"හ්ම්ම්.. හ්ම්ම්.. පස්සේ පසුතැවෙනවට වඩා..ඉක්මණට හිතලා තීරණයක් ගන්න පුතේ.."
"මම තීරණය කරලා ඉවරයි බාප්පේ.. මං තාත්තගේ බිස්නස් බලාගන්නවා.."
"හ්ම්ම්.. ඒකත් එහෙමද.. හරි.. කෝකටත් තව හිතලා බලන්නකෝ.. මොකද.. වැරදි තීරණයක් අරගෙන තාත්තට උන දේම ඔයාටත් කරගන්න එපා.. මම තියන්නම් එහෙනම්.." කේසර ඒක කිව්වේ නොරුස්සන කටහඬකින් වගේ..
"බාප්පේ.." ෆෝන් එක තියන්නත් ගිහිං අපූර්ව කතා කලේ හදිසියේ මතක් වුන දේකින්..
"ඔව්..?"
"ඔයාට තාත්තාව මතක් වෙනවද..?"
"තාත්තාව..?"
"හ්ම්ම්.. මගේ තාත්තාව..?"
"ඇ..ඇයි එ..එහෙම ඇහුවේ..?"
"නිකන්... මතක් වෙනවද..?"
"නැ..තු..ව.. ඒ.. මගේ.. අයියනේ.."
"හ්ම්.. මම තියන්නම් බාප්පේ.. ආයේ මට කල්පනා කරන්න දෙයක් නැහැ... බාප්පා කරදර වෙන්න ඕන නැහැ ආයෙ--"
"හොඳයි එහෙනම්.." ටීක්.. ටීක්.. ටීක්.. කේසර කෝල් එක කට් කලේ තරමක තරහින් කියලා අපුර්වට නොතේරුනා නෙමෙයි..
YOU ARE READING
ස්නේහ | Completed
Romanceමීට හරියටම අවුරුද්දකට කලින් මම හිටියේ මුලු හදවතටම අගුලු දාගෙන. ආදරය කියන්නේ මට මේ ලෝකේ තියෙන එක වචනයක් විතරක් වෙලා තිබ්බේ. උබ ආවේ කොහෙන්ද කොහොමද කියන්න මම දන්නේ නෑ අපූර්ව. හැබැයි උබ මාව පිස්සු වැට්ටුවා. ගෑණු දාහක් මැද උනත් එක දශමෙකින්වත් හෙලවුනේ...