74 කොටස

2.4K 262 52
                                    

ඈත දුර කාලෙන් එහා
දෑස බොඳ කරනා කතා
තාම ඉඳහිට කියවමි මෙමා
හීන වන් මතකේ පුරා
පාරවයි හිත රෑ දිවා
තාම මේ හිත අවතැන් වෙලා
දෑසම රිදවා මා
දුරත් මැකිලා
මේ හිත තවමත් හිඳී බලා

ලැබුණෝතින් වරම්
ආයෙත් හැරෙනු නම්
ඔය පපු තුරුලේ නැවතෙන්න තිබුනා
මොහොතක් හෝ තවත්
අප හට දුන්නා නම්
තුරුලට ගෙනම සමුදෙන්න තිබුනා

රෑක තනියම නැවතිලා
මතක ළඟ නුඹෙ රුව සොයා
පාලුවෙම මම සක්මන් කළා
ආයේ නුඹ නොයෙනා නියා
තේරුනත් තිත නෑ තියා
ආදරය තව ඇති ලිය ලියා
හීන බිඳදමලා මා
නමුත් හැරදා
තාම හිත බැඳිලා මිදී නොයා

ලැබුණෝතින් වරම්
ආයෙත් හැරෙනු නම්
ඔය පපු තුරුලේ නැවතෙන්න තිබුනා
මොහොතක් හෝ තවත්
අප හට දුන්නා නම්
තුරුලට ගෙනම සමුදෙන්න තිබුනා..

"Ladies and gentlemen, Emirates welcomes you to Rome. The local time is 10.00. For your safety and the safety of those around you, please remain seated with your seat belt fastened and keep the aisle clear until we are parked at the gate"

announcement එක ඇහෙද්දීම අපුර්ව spotify එකේ අලුතෙන්ම ඇඩ් කරගත්ත ප්ලේ ලිස්ට් එකේ ප්ලේ වෙවී තිබ්බ සිංදුව නවත්තලා ෆෝන් එක සාක්කුවට දාගත්තා.. විනාඩි පහලවක් විතර යද්දී හැමෝම බහින්න කලබලෙන් නැගිටලා ඉස්සරහට යද්දී අපුර්ව සීට් එකේම ඉඳගෙන හිටියේ තවම පිටේ තිබුන තුවාලවල සම්පුර්ණ සනීපයක් නැති නිසා.. හිතේ තුවාල..? ඒ ගැන අපි කතා නොකර ඉමු..

ස්නේහ | CompletedWhere stories live. Discover now