ග්ලාස් වෝල් එක ඉස්සරහා තිබුනු කුශන් පුටුවෙ එක ඇන්දක් උඩින් කකුල් දාලා අනිත් ඇන්දට හේත්තු වෙලා නිදාගෙන වගේ හිටපු ටේහ්‍යොන්ග්ගෙ එක අතක විස්කි වීදුරුවකුත් අනිත් අතේ ෆෝන් එකත් රැඳිලා තිබුනා.
ටේහ්‍යොන්ග්ටත් නොතේරුනු අමුතු හිස් බවක් ඒ හිතම වෙලාගෙන තියෙද්දි ඒ හැඟීම බර සුසුමක් විදිහට පිටකරපු ටේහ්‍යොන්ග් අතේ තිබුනු විස්කි වීදුරුව තොල් අතරට ළංකරා. විස්කි වල තියෙන කටුක රස පපුව පුච්චගෙන පහළට ඇදීගෙන ගියත් ටේහ්‍යොන්ග්ගෙ හිතට ඒකෙන් සහනයක් නම් දැනුනෙ නෑ.
"දවස් 3ක්.." ටේහ්‍යොන්ග් මිමිණුවෙ ජන්ග්කුක් එදා instagram දාපු ෆොටෝස් එකින් එක බලන ගමන්.
"කවුරුත් මගෙ ළඟ ඇත්තටම නවතින්න කැමති නෑ කියලා දැන දැනත්.." ජන්ග්කුක්ගෙ ෆොටෝ එකක් මාපට ඇඟිල්ලෙන් පිරිමදිමින් ටේහ්‍යොන්ග් ආයෙමත් දිග සුසුමක් පිටකරා. "ඇයි මං ඔයාව ටිකක් හරි විශ්වාස කරේ?"
"කොහොමද ඔයා මෙච්චර ඉක්මනට මගෙ හිතට ඇතුල් උනේ?" ටේහ්‍යොන්ග් ඇහුවත් එයාට උත්තර දෙන්න කෙනෙක් ඒ හුදෙකලා නිවස ඇතුලෙ හිටියෙ නැහැ.
ටේහ්‍යොන්ග් ආයෙමත් ජන්ග්කුක්ගෙ පෝස්ට් එකට වැටුනු කමෙන්ට්ස් ටික කියවන්න ගත්තා.
"එයාලා දෙන්නා ඇත්තටම ගැලපෙනවා.. මින්ග්‍යුට වඩා ජන්ග්කුක්ව ගැලපෙන්නෙ ටේහ්‍යොන්ග්ට."
"ඒ දෙන්නා හරිම කියුට්ට්ට්ට්!!!"
"ටේකුක්!!!!"
|_ "ටේකුක්.. ගැලපෙනම ශිප් නේම් එක."
YOU ARE READING
He's Trouble [Taekook] ✔️
Fanfic"ඔහු සම්පූර්ණයෙන්ම ප්රහේලිකාවක් විය. හැමෝම මට අනතුරු ඇඟෙව්වා, ඔහුගෙන් ඈත් වෙලා ඉන්න කියලා. නමුත් ඔහුගේ ගුප්ත බවින් පිරී ගිය ගැඹුරු දෑස් පළමු දිනයේදීම මා වශී කරගන්නට සමත් වෙද්දි මං තේරුම් ගත්තා මම ලොකු අමාරුවක වැටුනා කියලා." ...