" සර් කැමති නම් සර්ගෙ කතාව මට කියන්න පුළුවන්ද "" මගේ කතාව ඇතුලෙ මම ම වැරදි කාරයෙක් වෙද්දි මගේ කතාව මම කෝමද තව කෙනෙක්ට කියන්නේ."
" මිනිස්සු ඒක දිහා බලන විදිහ අනුවනෙ සර් ඒක තීරනය වෙන්නේ සර් කැමති නම් කියන්න මම බල කරන්නෙ නෑ "
එයා ආසම මෙහෙම ඉදගෙන ඉර අවරට යනවා බලන් ඉන්න එයාගෙයි මගේයි මතක කොච්චර නම් මේ මුහුදු වෙරලෙ තියෙන්න ඇද්ද මේ මුහුදට කතා කරන්න පුලුවන් නම් කියාවි අපි කොච්චර සතුටින් ඉදියද කියලා.උන් එකතු වෙලා මගේ සුදූව මගෙන් උදුර ගත්තා මම එපා කියද්දි මගේ ඉස්සරහම මගේ සුදූට උන් වෙඩි තිබ්බා මටම තේරෙන්නෑ දෙයියනේ මම කෝම දරාගත්තද කියලා.මම උන්ගෙන් වැද වැද ඉල්ලුවා මගේ සුදූව බේරලා දෙන්න කියලා උන්ගේ කකුල් ඉස්සරහ දන ගහලා වැන්දා ඒත් උන් මගේ සුදූව මගෙන් උදුර ගත්තා.
මගේ අහින්සකයා මේ දේවල් මොකුත්ම දන්නෙ නෑ දෙයියනේ.මම එයාව පරිස්සම් කලේ හරියට පුන්චි මල් පොහොට්ටුවක් වගේ එහෙම පරිස්සම් කරපු මගේ අහින්සකයා අද මාව දාලා යන්නම ගිහින්.මේ දවස් තුන මට පාලුයි මගේ පන.
" මම කියන්නම්.මගේ කතාව ඇතුලෙ මම වැරදි කාරයෙක් විතරයි කොල්ලො."
එහෙම කියපු මම ඈත මුහුද දිහා බලාගෙන හඩ අවදි කලේ එයයි මායි තුරුලු වෙලා ඉදපු මේ බන්කුවේ අද මම විතරක් තනියම.
YOU ARE READING
- සියොතුන් - [ ongoing ]
Romanceමන් උන් ඉස්සරහ දන ගහලා වැන්දා මට උබව බේරලා දෙන්න කියලා ඒත් උන් කලේ උබව මගෙන් උදුර ගත්ත එක. මේ ගවීන් එනවා උබව හොයාගෙන සුදූ නැතුව මට ඉන්න බෑ කියලා සුදූ දන්නවානේ. - සියොතුන් -