32

878 79 28
                                    

"ඩොක්ටර්.. සුදූට-"

"කාම් ඩවුන් ආයුශ් පුතා.. ඔවින්ද්‍යාට ශොක් එකට පැනික් ඇටෑක් එකක් ඇවිත් තියෙන්නේ. ඔයා එයාව ඉක්මනට එක්කගෙන ආව නිසා හොදයි .. ඉතින් දැන් ඒ ගැන හිතන්න එපා එයා ඉක්මනට සනීප වෙයි හොදද?"

" ඒත් ඩොක්ටර් "

" ආයුශ්.. අපි චූටිට සනීප වෙන්න කල් දෙමු හ්ම්.. ඩොක්ටර් කිව්වනෙ මගෙ චූටි ඉක්මනට නැගිටියි කියලා හ්ම්..මගෙ චූටි .. ඉක්මනට ම නැගිටියි.. ඔව් එයා නැගිටින්න ඕනෙ.. "

ඩොක්ටර් සොයිසයි ආයුශ් දෙන්නම හැරිලා බැලුවෙ තවමත් කම්පනයෙන් ඇදේ ඉන්න ඔවී දිහා බලාගෙන ඉන්න අමිත්‍යා දිහාවට.. ඊයෙ රෑ කෝල් එක ආපු ගමන් පුලුවන් ඉක්මනට නුවරින් ආපු මැඩම් දිහා ආයුශ් බලාගෙන හිටියා..

මේ විදිහට කෙනෙක්ට ආදරේ කරන්න පුලුවන් ද? ආයුශ් ආයෙමත් හොද හුස්මක් අරගෙන දොර දිහාවට හැරුනෙ දොර ගාව හිටගෙන ඉන්න දරදඬු පිරිමි කෙනා දිහා බලන්න ...

"මැඩම් මේ?"

" ආහ් මේ මගෙ අයියා.ඔවින්ද්‍යාගෙ මාමා"

අමිත්‍යා කියද්දි හිනා උන ආයුශ් තවමත් සිහි නැතුව ඉන්න ඔවින්ද්‍යාගෙ ඔලුව අතගාලා නැගිට්ටෙ කාමරෙන් එලියට යන්න හිතාගෙන ..

" අමිත්‍යා දුවේ.. "

"ඇයි ඩොක්ටර් "

" ඔයා ටිකක් විවේක ගත්තොත් නේද හොද? ඊයෙ උදේ ඉදන්ම ඔයා මෙතනනෙ "

"ඒත් ඩොක්ටර් මගෙ පැටියා.. එයා.. මෙතනනෙ... එයාට සනීප වෙයි නේද ?"

"ඔව් අපිට සිද්ධ වෙනවා බලාගෙන ඉන්න දරුවෝ. අපෙ ඔවී අපි හිතනවට වඩා ස්ට්‍රෝන්ග් කෙල්ලෙක්. සෝ ඩෝන්ට් වොරි දරුවො එයාම නැගිටිනකම් බලාගෙන ඉන්න එක විතරයි අපිට කරන්න පුලුවන් තේරුනාද?"

ඩොක්ටර් කිව්වත් අමිත්‍යාගෙ මූනෙ හැගීම්වල වෙනසක් උනේ නෑ. ඩොක්ටර් ගියත් මොකද තවමත් ඇදේ ඉන්න කෙල්ලගෙ අතින් අල්ලගත්ත මැඩම් ඔලුව හරවලා බැලුවෙ දොර දිහා.

" අන්නා"

"සොල්ලු මා"

"අවන් වේනුම්.. ඒන්ඩ චූටිකි ඉපිඩි සෙන්ජ නායි එනක්කු වේනුම්..( මගෙ චූටිට මෙහෙම කරපු බල්ලව මට ඕනෙ) මට ඌව මගෙ ඇස් ඉස්සරහම ටිකෙන් ටික මරන්න ඕනෙ.. මගෙ පැටියව මරන්න හදපු එකාගෙ මුලු පවුලම ගිනි තියෙන්න ඕනෙ..මට...එනක්කු අවන් වේනුම් අන්නා..එනක්කු අවන් ඒන්ඩ කෛයාලයේ කොල්ලනුම්!!"( මට ඌව ඕනෙ අයියා ..ඌව මට මගෙ අත් දෙකෙන්ම මරන්න ඕනෙ)

නෙත් මානේ | GLWhere stories live. Discover now