බරපතළ තීරණය

1.9K 158 26
                                    


"අයියෝ මාව බිමින් තියහන් බං දංගා...!!! මට යන්න බෑ....!! ආයි ආයි රිදෙනව ....!!! "

"වහපිය කට...!!! දැන් මං දංගා නෙවෙයි උඹේ සර්...!!!! ඒ මනුස්සට මේක බලාගෙන ඉන්න කොල්ලෙක් මං හොයල තියෙන්නෙ....!!! "

" හරි මං ඒක දන්නව...!!! මං කියන්නෙ අඩේ අර ගොඩදාපු ඉල්ලම අපරාදෙ..!!එකක් තිබ්බ කියන්නෙ තව ඇති...!!! තව දවසක් දෙකක් ඉඳල ඒ ටිකත් බලලම යමුකො අනේ අනේ සර් අනේ...!!!! "

"අයියෝ කට වහගනිංකො බූරුවො ඒකෙ තියෙන එකක් තිබ්බදෙන්...!!!වාසනාව තියෙන එකෙක්ට
හම්බෙයි..!! "

"ඒත් මංනෙ ගොඩ දැම්මෙ.....!!! "

"අතෑරපිය ඔය ගහ.....!!! "

"බෑ බෑ ඒටික බලල මිසක් මං යන්නෑ...!!අනේ හොඳ සර්නෙ...!! කාර් එකේ පටවන් හරි ඒක අරං යන්කො...!! එහෙදි ගරමු ......!!! "

"අයියෝ මුට මේ පතල් උණක් හැදිල තියෙන වදයක්...!!! හරි දැන් කාර් එක මේ වත්තට ගෙනාවත් කොහොමද ඔය ගල් ගොඩවල් උඹ උඩට උස්සන් එන්නෙ....??? "

"කරේ තමයි ඉතිං වෙන
කොහොමද ..?? "

"හරි දැන් කොච්චරක් විතර ඔතන තියෙනවද .....??? "

"ගොඩක් නෑ....!!! පනහෙ හාල් උර තුන හතරක් විතර ඇත්තෙ....!!! "

"හත්තිලව්වේ...!!! තෝ හිතුවද මං අවෙ ලොරියක කියල ඔච්චර බරක් පටවන් යන්න.....!!! "

"එහෙනං මෙහෙ ඉඳල ගරමුකො සර්...!!මං ගරන්නං සර් බලන්න...!!! දවසින් ඉවර කරන්න පුළුවන් මට......!!!! "

මං කෙරුමට හොරෙන් උගෙයි මගෙයි කියන්න පුළුවන් ඔක්කොම බඩු ඌව කඩේ යවල කාර් එකට ඇද්ද....!!! ඕකා කඩේ ගියහම කෝප්ප හෝදල ආපහු එන්නෙ පැය දෙකකට විතර පස්සෙ....!!!ඌ ආපහු එද්දි මං බඩු ඇදල ඉවරයි....!! අදින්න කියල තිබ්බෙ අපේ ඇඳුනුයි තව අපි දෙන්නගෙ මතක තිබ්බ පොඩි පොඩි දේවල් ටිකකුයි විතරයි .......

කෙරුමා ආපහු ආපු ගමන් මං ඌව උස්සගෙන කාර් එකට යන්න පල්ලම් බහිද්දි මූ පොඩි එකා වගේ උගෙ තිරිවානා ගල්ගොඩ දාලා යන්න බෑ කියල නහයෙන් අඬනව......!!! අර බොරුව කිව්වෙ අපරාදෙ කියල හිතෙන්නෙ දැන් තමයි ......!!!

"රෑවෙන්න කලින් ගෙදර යන්න ඕනෙ..!! උඹේ ඔය ඉල්ලම මං කට්ටියක් එවල ගෙනත් දෙන්නං...!!! දැන් හොඳ එකා වගේ යමන්කො.......!!!! "

මාංචු Donde viven las historias. Descúbrelo ahora