41 වන පරිච්ඡේදය

944 145 91
                                    

" Good Morning විනයභාර සර්... දශ්මිර ඔය ලමයා දැන් ඔෆිස් එකට යන්න කෝ මන් එන්නම් ටිකකින් "

වේවැලත් අතේ තියන් අපි ඉස්සරහා හිට ගෙන හිටියේ ඉස්කෝලේ විනයභාර සර් වෙද්දි... දශ්මිර දිහාවට හැරුන මන් එයාට ඔෆිස් එකට යන්නයි කියලා කිව්වේ නැත්නම් මේ මනුස්සයා මගේ කොල්ලාට ගහනවා කියලා දන්න නිසාමයි...

මේ ඉස්කෝලේ විනයභාර සර් කියන්නේ ටිකක් විතර අමුතු මනුස්සයෙක්... නිතිය නම් එයාට එක නිතියට පිලිවලට පිරිසිදුව තියෙන්න ඔනා... එකේ කිසි වරදයක් නම් මන් දකින්නේ නම් නැහැ...

මොකද ඕන ම මනුස්සයෙක්ට තමන්ට ම කියලා හදා ගත්ත නිති ටිකක්... පිලිවලක් පිරිසිදුකමක් කියලා දෙයක් ප්‍රතිපත්තියක් තියෙන්න ඔනා... එත් එහෙමයි කියලා එක ඔවර් යනවා කියන්නේ... එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා...

ටයි එක දාලා ඇවිත් තිබුනොත්... පරක්කු වෙලා ඉස්කෝලේට ආවොත් එහෙම නැත්නම් බැජ් එක නොතිබ්බොත්... රැවුල කොණ්ඩේ... සපත්තු... ශර්ට් එක කලිසම තව දාහක් ජාති... උදේ අව්ව හොදයි කිව්වත් මේ හැම ලමයා ම කාලා එන්නේ නැහැ නේ...

මන් ඉස්සරහා ම දවස් ගානක් අව්වේ දන ගහන් හිටිය ලමයි කලන්තේ දාලා තියෙනවා... නිතිය නම් කාට උනත් එකයි නිකන් ලමයෙක් උනත් ජනාධිපතිගේ ලමයා උනත්... එත් එහෙමයි කියලා නිති උඩ නැගන් ඔය තරම් දරුවන්ට රිද්දන්න ඔනේ නැහැ නේ...

මන් ආස නැහැ... දරුවන්ට රිද්දනවාට... පොඩි දරුවෝ ලෙඩ උනා ම එක මොන තරම් අසරණ කමක් ද... ගහනවා කියලා ලේ එන්න අල්ල පැලෙන්න ගහන්න ඔනේ නැහැ... දැන් දශ්මිර මෙතනින් නොගියා නම් මේ මනුස්සයා අනිවාර්යයෙන් ම මගේ පොඩි එකාට ලේ එන්න ම ගහනවා...

" අයාන් සර් දන්නවාත් ඇති අද ග්‍රව්න්ඩ් එකේ දි සර්ගේ පංතියේ ලමයෙක්ට දැන් උන දේ... ඔය මිනිහා නාහට අහන්නේ නැහැ අප්පා ප්‍රින්සිපල් නිසා වෙන්න ඇති ඔහොම හැසිරෙන්න "

" මන් දන්නවා විනයභාර සර්... දෙන්නාගේ ම වැරැද්දක් ඇති... මොනා කරන්න ද කොල්ලෝ නේ ගහන්න ද... දැන් ගහන්න අවසර දිලාත් නැහැ නේ... ඊටත් සර් මගේ දරුවෙක්ට එහෙම ගහන්න මන් ඉඩ දෙන්නෙත් නැහැ... ප්‍රින්සිපල් සර් එක්ක කතා කරලා පංති තහනමක් දානවා ඇරෙන්න... මන් යන්නම් සර් "

දුරුතු සඳ | 𝐀𝐑𝐓 𝐎𝐅 𝐇𝐄𝐀𝐋𝐈𝐍𝐆 ( ꪗɀ / ꪮ᭢ᦋꪮỉ᭢ᦋ )Where stories live. Discover now