44 වන පරිච්ඡේදය

860 133 134
                                    

" ම්න්හ්... දශ්... මිර... "

නින්ද ගිහිල්ලා හිටියත් මොකද එක පාරට ම මන් ගැස්සිලා ගිහින් ඇහැරුනේ මොකක් ම හරි ලොකු දෙයක් බිඳිලා යන සද්දයක් ඇහුන නිසා වෙන කොට... ඇදෙන් බැහැපු මන් ඔලුවත් අල්ලගෙන ම නිදි විකාරෙන් එයාට කතා කරන ගමන් සාලේට ගියත් සාලේ කවුරුත් ම නැති තැන මම ආයේ ම හැරුනේ කුස්සියට යන්න...

" දශ්මිර... අනේ "

පොඩි එකාව හොයාන් කුස්සියට ගියත් මට දොර ගාවදිම හම්බුනේ බිදිලා ගියපු ඩොක්ටර් ආකේන්ද්‍රන්ගේ පිඟන් සෙට් එක වෙනකොට... කැපෙන්නේ නැති වෙන්න අඩිය තියන් ගමන් කුස්සිය ඇතුලෙට ආව ම ගල් ගැහිලා වගේ බලන් හිටියේ... ලේ වැක්කෙරෙන ගමන් තියෙන එයාගේ අත දිහා වෙද්දි... විදුරු කටු පැඟුනා හෝ නැතා කියලා එයා ගාවට දුවලා ගියපු මන් එයාව බදා ගත්තේ දැනුන බයටමයි...

අමිරු මට කියලා තියෙනවා එයාට එන කෙන්තිය එයාට පාලනේ කරන්න අමාරුයි කියලා... ඒ වෙලවට එයාව කෙන්ති නොගස්ස මේ වගේ විදියට තුරුල් කරන් ඉන්න කියලා... ඩොක්ටර් ආකේන්ද්‍රන් පවා මට කිව්වේ එක වෙන කොට දාහෙට ගැහෙන පපුවට ඔහේ ගැහෙන්න දිලා මන් එයාව ම තුරුල් කරගෙන හිටියේ වුනේ මොකද්ද කියලා හිතා ගන්න බැරිව...

මට නින්ද යනකන් ම මගේ ඔලුව අත ගාපු එයා... මන් ඇහැරෙන විනාඩි ගනාට අත තුවාල කරන් ඉන්නවා දකින කොට... මට දැනෙන හැඟිම... එක මෙහෙමයි කියලා වචන වලට හරවන්න බැරි තරම් ම අමාරුයි... මට ඇහෙනවා එයාගේ හදවත හයියෙන් ගැහෙනවා...

එහෙන් ම එයාව මගෙන් ඇත් නොකර ම මන් එයාගේ මුන දිහා බැලුවා... ඇස් වල කදුළු... සුදු මුන රතු වෙලා ගිහින් අත් වල බෙල්ලේ විතරක් නෙමේ කෙන්තියට ම එයාගේ කම්මුල වල පවා නහර ඉලිප්පිලා පෙන්න අරගෙන තිබුනේ... මොකද්ද උනේ කියලා නාහම එයාව ආයේ ම තුරුල් කර ගත්ත මම එයාගේ ඔලුව අත ගාන කොට

" කෙන්ති ගන්න එපා... හාද... මන් ඉන්නවා නේ... පුතා ගාව "

" කෙන්ති නොගෙන ඉන්නේ කොහොම ද කියපන් අයාන්... ටීම් එකෙන් අයින් කරලා තියෙන කොට "

කෙන්තියෙන් පුපුරු ගහන කොල්ලා ඊළඟ පාර මාව තල්ලු කරලා දාලා කෑ ගහලා අරහෙම කියන ගමන් එයාගේ දකුණු අත මිට මොලවලා බිත්තියට ගහන් ගියේ ආයේ ම පාරක් එයාව මන් ගාවට ඇදලා ගත්ත මන් එයාගේ තොල් වලට පහත් වෙන කොට... වෙන කරන්න කියලා මට දෙයක් නැහැ දෙයියනේ... එයාව පාලනේ කරන්න මට අමාරුයි...

දුරුතු සඳ | 𝐀𝐑𝐓 𝐎𝐅 𝐇𝐄𝐀𝐋𝐈𝐍𝐆 ( ꪗɀ / ꪮ᭢ᦋꪮỉ᭢ᦋ )Where stories live. Discover now