45 වන පරිච්ඡේදය

974 140 119
                                    

" අයාන්... කැල්ල බලන්න නෙමේ යන්නේ ඉක්මනට එනවා "

" මන් දන්නවා කැල්ල බලන්න නෙමේ කැල්ලගේ අප්පා බලන්න යන්නේ කියලා කට පියන් ඉන්න හරි ද "

මන් හිටියේ දෙලොස් වෙනි පාරටත් මාරු කරපු ශර්ට් එකේ බොත්තන් දාන ගමන් වෙන කොට... ඉනට අත් දෙක තියන් කී වෙනි පාරට ද මන්දා එයා මට ඔය කෑ ගැහුවේ පොඩි එකාට දිව දික් කරපු මන් ටිකක් ඉන්න කොට...

පුදුම හදිස්සියක් නේ මේ කොල්ලාටත් තියෙන්නේ... ඊටත් මොකට එන්න කිව්වා ද දන්නේ නැහැ නේ අස්සේ ප්‍රින්සිපල් සර් මට... අනිවාර්යයෙන් ම අවුරුදු උත්සවේ වැඩකට වෙන්න ඔනා... ඒ ඇර ඉතින් වෙන මොනාද ඉතින් මට කියලා එයාට කර ගන්න තියෙන්නේ එකට වෙන්න ඔනා...

එත් නැත්නම් බැරි වෙලා හරි පිනාට පුත්‍ර රත්නේව මට දෙන්න හිතුනාවත් ද... අනේ ඉතින් නිකන් දුන්නත් මට නම් එපා ඔය පොඩි ඇම්ඩාව... ම්හුක්... ඒ උනාට පොඩි එකා මගේ නේ... මගේ තමා නැතුව වෙන කාගේ ද...

" කට වැඩි අයාන් "

" එක කොහොමත් වැඩි තමා... ඔයා මට එක අමුතුවෙන් කි... ආව් කොල්ලෝ... හරි ඉතින් ගහන්න ඔනේ නැනේ "

මන් ගාවට ඇවිත් මගේ කට වැඩි කියලා එයා මගේ තොල් දෙක මිරිකුවේ එයාට විරිත්තන්න ගිහින් එයා මගේ පස්සට පාරක් ගහන කොට...

ඇත්තමයි මේ කොල්ලා දැන් මගෙන් හොද පාරවල් දෙකක් තුනක් කනවා... ඇයි මගේ දෙයියනේ මට ගහන එකමයි වැඩේ කොයි වෙලෙත්... රිදෙනවා කියලා කිව්වාට එක අහන්නෙත් නැහ්... පස්සේ එනවා වස්තුව රිදුනා ද ගාන්...

" මේ අහන්නකෝ මගේ දරුවෝ... දැන් ගියාට රෑ වෙලා ප්‍රින්සිපල් සර් මට ආයේ ගෙදර යන්න කිව්වොත් "

" උඹත් එක්ක මාත් එන්නම් අයාන් බය නැතිව ඉන්නවා "

ඇස් දෙක හිනි කරලා එයාට රවන ගමන් කණ්ණාඩිය ඉස්සරහාට ගිහින් කොණ්ඩේ හැදුව මන් ආයේ ම ශර්ට් එක ගලවලා දාලා වෙන එකක් ඇද ගෙන එලියට එන ගමන් එයාගෙන් ප්‍රින්සිපල් සර් මට ගෙදර යන්න කිව්වොත් මන් මොකද්ද කරන්න ඔනේ කියලා ඇහුවේ එයාත් මාත් එක්ක ම එන්නම් කියන කොට... පිනා එවයි ද දන්නේ නැ පුතු පැටියාව මාත් එක්ක...

දුරුතු සඳ | 𝐀𝐑𝐓 𝐎𝐅 𝐇𝐄𝐀𝐋𝐈𝐍𝐆 ( ꪗɀ / ꪮ᭢ᦋꪮỉ᭢ᦋ )Where stories live. Discover now