48 වන පරිච්ඡේදය

1K 125 53
                                    

" ප්‍රින්සිපල් සර්ට තවත් දරුවෙක් ඔන වුනා පුතා... චුටි බබෙක් අපේ මිහි වගේ ම... එත් එකෙන් මෙවුල් අපිට ඇත් වෙයි කියලා අපි දෙන්නා ම බය වුනා... ඔයා දන්නවා නේ පුතේ මෙවුල් ගැන අපිටත් වඩා හොදට... පොඩ්ඩ ඇත්තම් කෙන්ති අරන් කෑ ගහනවා... බඩු පොලේ ගහනවා... සමහර වෙලාවට එයාට එන කෙන්තිය පාලනේ කරන්න දෙවුන්දරටත් අමාරුයි...

මන් ඒ වෙලාවට හරි බයයි... එයා දඟලලා තුවාල කර ගනි කියලා... නිකමට හරි අපි කිව්වා නම් මල්ලි කෙනෙක් ගේමු කියලා... එයා හිතන්න ගනි අපි එයාට ආදරේ නැහැයි කියලා... එයාගේ තත්වේ ගැන ඔයා දන්නවා ඇති කියලා මන් හිතනවා පුතා... එයා ඔයාට කියන්න ඇති නේ එයාගේ අතිතේ ගැන... දෙවුන්දරත් එයාත් අතර ඇති වුන දෙවල් ගැන...

හ්ම්... ඔයාව ලොකු ලමයෙක් වගේ බලා ගත්තාට මෙවුල් කියන්නේ තාමත් එයාව දාලා ගිය අම්මා පස්සේ යන දරුවෙක් මට පුළුවන් උනා නම්... එයාට අම්මා වෙන්න එත් මට බැ... මන් කොච්චර උත්සහා කරත් මට එක කරන්න බැ පුතා... එත් මන් තාමත් එක උත්සහා කරනවා "

ටයිල් එක උඩින් ඉද ගත්තු මන් තාත්තා හදපු පැන් කේක් එකෙන් කැල්ලක් කටේ දාන්... තාත්තාගේ කතාවට කන් යැව්වා... තාත්තා කියනවා එයාලට තවත් දරුවෙක් ඔන උනාලු... එත් දශ්මිර එයාලගෙන් ඇත් වෙයි කියලා බයට ම එයාලා ඒ හිනේ අත ඇරලා දැම්මා ලු... හ්ම්... එයාලා බය වුන එක සාදාරණයි...

දශ්මිර කියන්නේ මොන වගේ දරුවෙක් ද කියන්න මේ මාස දෙක පුරාවට ම එයා එක්ක හිටිය මන් ඔනාවටත් වඩා දන්නවා... දශ්මිර කියන්නේ මට ආදරේ කියන දේ ඔනේ නැහැයි හැබැයි මගෙන් ආදරේ ඔන මනුස්සයෙක්ට මන් ආදරේ බෙදනවා වගේ හැසිරෙන පැලෙන්න ආදරේ හොයන මනුස්සයෙක්...

එහෙම නොවුනා නම් ඒ පොඩි කොල්ලා මට කියයි ද අයාන් උඹ මගේ අම්මා වගේ කියලා... නැහැ... ජිවිතේට දශ්මිර එහෙම කියන්නේ නැ... ඒ වගේ ම තමයි එයා මන් වෙනුවෙන් මේ තරමට බය වෙන්නෙත් නැහැ... තාත්තා කිව්වත් වගේ වැරදිලා හරි ප්‍රින්සිපල් සර් කිව්වොත් අපි මල්ලි කෙනෙක් ගේමුයි කියලා...

දශ්මිර මේ මුළු ගේම අනිත් පැත්ත හරවයි... එයාට ආදරේ නැහැ යි කියලා හිතයි දෙයියනේ කියලා අනේ මගේ පුංචි එකා එයාට ම රිද්ද ගනි... නොසෑහෙන්න අඬයි... පිස්සෙක් ගානට හැසිරෙයි එයාව දාලා ගිය අම්මා හොයන් ආයේ ම යයි...

දුරුතු සඳ | 𝐀𝐑𝐓 𝐎𝐅 𝐇𝐄𝐀𝐋𝐈𝐍𝐆 ( ꪗɀ / ꪮ᭢ᦋꪮỉ᭢ᦋ )Where stories live. Discover now