ලාවට මුහුණට වැටෙන ඉර එළිය නිසාම මම ඇස් දෙක ඇරලා ඇස් දෙකට උඩින් තියෙන සිවිලිම දිහා බලන් හිටියා...... මොකද කාලෙකට පස්සේ මට හොදට නින්ද ගිහින් තිබ්බා මොකද මිට කාලේකට කලින් මගේ නින්දත් මගෙන් ඇතට ගිහින් තිබ්බා නිදා ගන්න ඕන කමක් තිබ්බත් මට නින්ද ගියේ නැහැ මම මිට මාස ගානකට කලින් පිස්සෙක් වගේ කෙලින් හිට ගන්නවත් බැරි වෙන විදියට බිලා ගෙදර ඇවිත් ඔහේ ඇදට වැටෙද්දි ඉතින් මට නින්ද යයිද එත් මට අද සැහෙන කාලේකට පස්සේ සැහැල්ලුවෙන් නින්ද ගිහින් තිබ්බා කර්ට්න්ස් අස්සේන් කාමරේට වැටිලා තියෙන ඉර එළිය නිසාම මට තේරුනා අද මං අද ඇහැරෙන්න පරක්කු වෙලා කියලා සිවිලිම දිහා බලන් හිටපු මම එකෙන් ඇස් අරන් ගියේ බිත්තියේ තිබ්බ ඔරලෝසුව ළගට ඔව් මම හරි දැන් වෙලා 8 ත් වෙලා වෙනදට මම මේ වෙලාවට ඔෆිස් යන්නත් ලැස්ති වෙලා එත් අද ඒ දෙය වෙනස් වෙලාඇගේ එක පැත්තක් හිරි වැටිලා වගේ රිදේද්දි මගේ ඇස් එහෙම්ම ගියේ මගේ පපුව උඩ සනිපෙට නිදන් ඉන්න මගේ මැණික ලගට ඒ ඇස් දෙක සමකාමිව පියවිලා නින්දෙන් වුණත් ඒ තොල් අග ලස්සන හිනාවක් තිබ්බා එයා තව දුරටත් මට හීනයක් නෙමේ මට අයිති වෙන්නේ නැති වෙයි කියලා දහස් වාරයක් බය වුණා එත් ඒ කෙනාම අද මගේ පපුව උඩ නිදන් ඉන්නවා දකිද්දි ඒ දැණුනු සතුට මට විස්තර කරන්න බැරි තරම් එයගේ නළලට වැටිලා තියෙන කෙහෙරැලි ටික හෙමිට පස්සට කරලා ඒ නළල උඩින් හාදුවක් තිබ්බා.
" ම්හුක් අනේ.....හ් කිස් එක....ක් දෙ....න්නකෝ "
" ආහ්"
යකෝ මේකා හිනෙනුත් කිය වන්නේ කිස් කරන එක ගැනමද මේකා නම් බටු ඇටයක්ම තමා කිස් කර කර හිටියාම ඔක්කොම හරි යනව ද දන්නේ නැහැ....... එයා එහෙම කියන ගමන්ම මගේ බෙල්ල අස්සට මුහුණ ඔබා ගත්තා
" මගේ මැණික දැන් ගොඩක් උදේ වෙලා නැගිටින්නේ නැද්ද ම්ම්"
මෙයා දැන්ම ඇහැරෙන්නේ නැහැ කියලා දන්න නිසාම මම එයාගේ කම්මුල් වලට නැවිලා හාදු තියන්න ගත්තා එයා දැන් ඇස් අරින්න යන්නේ කියලා දැනේද්දී මම ඒ ඇස් දෙකටත් හාදු තියද්දි මම මේ ලොකෙන් දකින්න කැමතිම එයාගේ හිනාව මුණේ ඇදුනා
YOU ARE READING
𝔽𝕠𝕣𝕖𝕧𝕖𝕣 𝕨𝕚𝕥𝕙 𝕌
Kurgu Olmayanසූර්යයාකාන්ත මල ජීවත් වුණෙත් ඉර වෙනුවෙන්ම වුණකොට මමත් ජීවත් වෙන්නම් ඔයා වෙනුවෙන්ම ❤🌻