"ඩි-ඩිප්රෙශන්??"කෑවා කෑවා.. අද මම සතීෂයො උඹට කවනවා ගෝවා!!
හෙනම ගහපං තොට!
මම ඇතුලු ඔක්කොම ඇස් කන් නැති උගුඩුවො ගානට උඩ බිම බලබල හිටියෙ උත්තරයක් දීගන්න බැරුව..
ඔ්යි සම හරක්කුනෙ! මේ මගේ ගෑනි නෙවෙ ඔ්යි කියලා දාපන්
කිව්වට හිත,.....
බයයි ඊළගට මොන මරාලයක් ඔලුවට පතබෑවෙයිද කියන්න දන්නෙ නෑනෙ.. ඒකයි මේ.. බයකට නෙවෙ..
"අ-අකිල අයියෙ!! මට-මට කිව්වෙ නෑ-නෙ ඔයා!!"
"හරි-මේ අහන්නකො..-පොඩ්ඩක්!"
එයාගෙ හැසීරීම අමුතුයි! පට්ටම අමුතුයි..
ඇසුත් ලොකු කරන් මගේ දිහා බලන් ඉන්නවා..
බලන් ඉද්දි ඒ ඇස් වලට කදුලු පිරෙන්න ගත්තා.. ඒත් ඇයි..??
"අයියෙ ඔයත්?? ඇයි මෙහෙම!!"
"හෝ! හෝ! මේ!! පොඩ්ඩක් ඉදහං පොඩ්ඩක් ඉදහං! අඩෝ උඹලා සීරියස් ගත්තද මේක??!"
"ඔයා විහිලුවක්ද කලේ"
"අ- මේ- අ- ඔ-ඔව් ඔව්.."
ප්රශ්නෙ පහුබස්සන්න ඔ්න හින්දම සතීිෂ් බේගලක් අතෑරියේ නිම්නට නොතේරෙන්න..
"කිසිම දවසක ඔයවගේ ඔ්න නැති, ඇස් රතුවෙන විහිලු කරන්න එපා අයියේ!!"
"සමාවෙයං බන්.. කෝ කෝ දැන් පීදගනිං කදුලු.."
සතීෂ් ඉමෝෂනල් විදිහට නිම්නට කියද්දි සතීෂ්ගෙ දිහා බලන්නෙවත් නැතුව නිම්න මාවත් පහුකරගෙන උඩහට හිමින් ඇවිදගන ගියා..
"සමාවෙයන් කොල්ලො"
සතීෂ් ඇහෙන නෑහෙන ගානට කියද්දි ඩෙෂ්මික සතීෂ්ගෙ අතකින් ඇල්ලුවා.. සතීෂ් ඩෙෂ්මිකගෙ පපුවට එහෙම්මම හේත්තු වුනා..
"මට කතා නොකර ඉන්න තිබුනා.."
සතීෂ්ගෙ කදුලු පිරිච්ච ඇස් මූණ තෙමන විදිහ විතරක් දැක්ක මම උඩහට යමල්ලා කියලා කට්ටියටම සන් කලා.. උන් ඔක්කොම ආවා..
YOU ARE READING
තත්පර the sec
Horrorඉරෙන් වැඩ දාහක් කරගනිද්දි කවියෝ පද ගෙත්තම් කලේ හදට.. එකත් ඉර එලියෙන් ලස්සන වෙන හදට.. පුංචි පුංචි වතුර බිංදු වැටෙන වැස්සට ගොඩක් අය ආදරේ කලේ පායන වෙලාවට නොසෑහෙන්න වැඩ අරන්.. ඉතින් පද අමුණන ඔයාට ඇයි බැරි අපි වෙනුවෙන් කැප වෙන ඒ කාර්තු,ඒ අයට උපහාර කරන්න...