10

137 8 7
                                    

උදේ පාන්දර ම මට ඇහැරුනේ දැන් දවස් තුනක් තිස්සෙ උදේට ඇහෙන කෝවිලේ ඝණ්ඨාර සද්දෙත් එක්ක. මම hangout එකට ඇවිල්ල දැන් දවස් 3ක්. හල්දුම්මුල්ල පහු කරගෙන බෙරගල පැත්‍තට එනකොට හම්බෙන පොඩී පාරකින් ඇතුලට දැම්මම මේ ගමට එන එක හරිම ලේසී.

කැඩිච්ච සිංහල කතා කරන ටැමිල් මිනිස්සු වැඩියෙන් ජීවත් වුණු අතරින් පතර සිංහල මනුස්සයෙක් දෙන්නෙක් ජීවත් වුණු මේ පලාත පුදුම ලස්සනක් තිබ්බෙ. පිරිසිදු හුළඟත් එක්ක පපුව පුරවලා ගන්න හුස්ම වගේම තුන්සිය හැටපස් දවසම එක වගේ සීතල වතුර පාරවල් ගලන මේ පරිසරය පුදුම සැහැල්ලුවක් හිතට ගෙනාවෙ. ඇඟට පුදුම සනීපයක් තිබ්බෙ.

තේ වතු වලින් පිරිච්ච මේ පලාතෙ මගේ නමටත් තිබ්බ අක්කර ගානක තේ ඉඩම්වල ටැමිල් මිනිස්සු හරි හරියට වැඩ කලා. තමන්ගෙ දාඩිය මහන්සිය හූරලම ගන්න වතු අයිතිකාරයො අතරෙ ඒ මිනිස්සුන්ට මාව පෙනුනෙ දෙවියෙක් වගේ.

ඉතින් ඉඳල හිටල මේ පැත්තට ආවම මට තිබුණෙ මහා සැලකිල්ලක්. ඒ මිනිස්සු හැමෝටම මම වත්තෙ පුංචි මහත්තයා.

"ශමීරෙ මාතියා...... ශමීරෙ මාතියා....

යේක පුංචි මාතියගෙ උදේ කේමෙක තමා ගෙනාවා. යපේ පෞල අද උදේම ඉඩ්ලි තමා ඇදුවා. උණුවටම ගෙනාව පුංචි මාතියට කන්ඩ කීවනං."

මට තුන් වේලම කෑම ගෙනල්ල දෙන ශිවාජි අදත් උදේම ඇවිල්ල. සමීරට කතා කරන සද්දෙ ඇහෙද්දි මම ඇඳෙන් බැහැල ආර්ම් කට්  එකත් දාගෙන උඩ ඉඳන් පල්ලෙහාට බැස්සෙ සමීර ගෙදර නොවුන්නු නිසා.

උඩ කිව්වට මේ ගෙදර උඩ තට්ටුවම තනි කාමරයක් විදියට තිබ්බෙ. Mountain cabin කන්සෙප්ට් එකට කැලෑවක් මැදට වෙන්න හදපු මේක මම ජීවිතේ ආදරේම තැන්වලින් උඩම තිබ්බා

"ශිවා...

කෑම එක කුස්සියේ මේසෙ උඩින් තියල එන්නකො. අද සමීර නෑ."

සමීර කියන්නෙ මං ඇරුණම මං ගැන හොඳටම දන්න එකෙක්. මාත් එක්ක බ්ලැක්තෝර්න් මාෆියා එකට ජොයින් උනු, මාත් එක්කම එතනින් පැනල ආපු කෙටියෙන්ම කිව්වොත් විකීගෙ දකුණු අත තමයි සමීර ගේෂාන් නැත්නම් ග්‍රේව් කියන්නෙ.

Fierce Love: Taming the Gang Leader's HeartWhere stories live. Discover now