කාලය කියන්නෙ ලෝකේ ශ්‍රීඝ්‍රගාමීම
දුම්රිය වුණාම ඇහි පිය ගහන ඉක්මනට තවත් සතියක නැවතුම්පළවල් හතක් පහු කරගෙනත් ගිහින්..වෙලාව පාන්දර එකටත් කිට්ටු වෙද්දි විදත් මිදුලට බැස්සෙ හිතට දැනුණ අමුතු මූසල හැඟීම නිසාමයි..තරු නම් ගොඩයි...ඒත් කෝ හඳ..විදත් අහස දිහා බලාගෙනම පොන්ඩ් එකේ බැම්මෙන් ඉඳගත්තා..
ගෝල්ඩ් ෆිශ්ලානම් අයිනකට වෙලා නිදාගද්දි පාට පාට කාෆ් ෆිශ්ලා ටික තාමත් එහෙට මෙහෙට පීනනවා..විදත් ආයෙමත් අහසට ඇස් හැරෙව්වා..
හැමදාම වගේ තියන එඩේරා තරු රටාව අදත් ඒ විදිහටම..දැන් මුහුදට අයිතිවාසිකම් කිව්වට කාලයක් අහසට පෙම් කරපු එක්තරා රෝමාන්තික ගඟනගාමියෙක් එයාත්...."ලොකු බේබි මොනවද බලන්නෙ...?"
ශ්‍රියා අම්මා ඇවිත් විදත් එහා පැත්තෙන් බැම්මෙන් ඉඳගගත්තෙ අහස දිහා බලාගෙනම..
"මොකුත් නෑ නිකම්..."
"අමාවකට හඳ හෙව්වට වැඩක් නෑ බේබි.."
"................................................................"
ඒ කියන්නෙ අද අමාවක..විදත් අහසින් ඈතට ඇස් යා කළා...
"වාහනේ ඇවිල්ලා නේද ? මං හිතුවේ බේබි එක්කගෙන යයි කියලා..."
ශ්‍රියා අම්මා කිව්වේ සෝමේ ගිහින් ගේට්ටුව අරිනවත් එක්කම..විදේශ අමාත්‍යංශ වෑන් එක මිදුලට මැදටම ඇවිල්ලා නවත්තනවා විදත් බලන් හිටියෙ හිස් හැඟීමකින්..කවදාවත් නැති විදිහෙ අමුතු වේදනාවක් පපුව පැත්තෙන් කීරි ගැහෙන්න ගත්තෙ එයාටත් නොදැනිම...
"මං දන්නවා නෝනා යන එකට බේබිට දුකයි කියලා.."
ශ්‍රියා අම්මට ඉතින් කොහෙ හංගන්නද..
රැළි වැටුණ ඇස් වලින් තමයි බේරෙන්නම අමාරු..."එහෙම එකක් නෑ..."
"නැත්තෙ කොහෙද මං දන්නවනේ බේබි ගැන.."
"මට අවුලක් නෑ..."
"බේබිත් පස්සෙ නෝනා ගාවට යන්න..."
"මට ඕන්නෑ..."
"චූටි බේබිනම් යනවා කිව්ව වෙලේ ඉදන් අඬනවා...පව් එයාට හුඟක් දුක ඇති.."
"හ්ම්ම්......"
"මම මේ මහපොළවත් එක්ක වයසට ගිය කෙනෙක් බේබි..මේ මහපොළොවෙ මිනිස්සු පේනවාට වඩා ගොඩක් ශක්තිමත්..එයාලවත් දන්නෙ නැති ලොකු ශක්තියක් ඒ හිත්වල තියෙනවා..මේ අවුරුදු හැටපහට මට ඕන තරම් අත්දැකීම් තියෙනවා...."
YOU ARE READING
මීන් | MEEN
Non-Fiction"මං මූදු රැළ්ලට වඩා උඹට ඇබ්බැහි වෙලා.." -විදත් හංසනාදිත්යය-