2

652 111 18
                                    


මං හිටියේ ශීට් එකට ඔළුව ගහගෙන .. කොටින්ම කිව්වොත් කිසි හැඟීමක් දැනීමක් නැති මං ලෝකෙටම හොරෙන් හිතින් අඬන ගමන් හිටියේ...

දැන් කාර් එක ඩ්‍රයිව් කරේ තාත්තගෙ වෙන ඩ්‍රයිවර් කෙනෙක්.. එයා ගියා... හේලි මූසල ගෑනි ගියා මගෙ මොලේට සමනල් ගැටේ දාලා එයා යන්නම ගියා..

" පොඩි බේබී හරි.. තැනට ආවා.. "

ඩ්‍රයිවර් කියනකොට මං ඇස් ඇරලා එයා දිහාත් බලලා ග්ලාස් එකෙන් එලිය බැලුවා..
නකල්ස්, නකල්ස් කඳුවැටිය ලංකාවේ එක වන රක්ෂිතයක් වෙනකොට ඒක මාතලේ මහනුවර දිස්ත්‍රික්ක අතර විහිදෙනවා.... නකල්ස් වලට වඩා සිංහරාජ ලොකු කැලයක් උනත් මං  හිතන්නෙ සිංහරාජ ජනාකීර්ණ වැඩී.. අඩියෙන් අඩිය ගෙස්ට් හවුස් , කබානා පිරිලා.. ටුවරිසම් පාත් එකත් නැගලා යන නිසා ඇමතිලටත් නියම චාන්ස් ඉතින්..

මං කාර් එකෙන් බහිනකොටම වගෙ රයනුත් බැස්සේ වට පිට බලන ගමන්..
කළු ෆුල් සූට් එකක් ඇඳන් කනේ මොකක්ද මන්දා වයර් කෑල්ලක් ගහන් ඉන්න ඩ්‍රයිවර් රයන් මගෙ ශූට් කේස් ඔක්කොම බිමින් තුබ්බා.. මං මේ ඉන්නෙ මහ පාරෙ ... ඈතින් නකල්ස් පටන් ගන්න තැන පේනවා.. දැන් මන්ද මේ බෑග්ස් ඔක්කොම උස්සන් යන්න ඕනේ!?

මං අත් දෙක බැඳගෙන රයන් දිහා බලාගෙන කල්පනා කරේ එයාල ලෙටර් එකත් එක්කන් එවපු මැප් එකේ විදිහට මං යන්න ඕනෙ මේ කැලේ හරහා.. අඩුම පැය පහක්වත් යනවලු කිසිම ආපදාවක් නැතුව යනවනම්...

සස්..සස්..සස්..

හතර වටෙන් කොළ පොඩි වෙන සද්ද ඩ්‍රයිවර්ටත් කලින් මට ඇහුනා කියන්න සාක්ෂි ඩ්‍රයිවර් කාරයා කිසිම කතාවක් නැතුව බඩු බානවා තාම..

" රයන්!! අයින් වෙයන් මිනිහෝ!!! ගර්ර්ර්ර්ර්!!!"

මායි රයනුයි හිටියේ කැලෙට පිටු පාලා වෙනකොට ඈතින් ඇහුන අඩි සද්ද එව්ව හරිම සියුම් පොළොවට නොරිදෙන්න අඩිය තියෙනවා වගේ .. කීප දෙනෙක්ම හුස්ම ගන්න සද්දෙ වගේම හදවත් කිහිපයක්ම ගැහෙන සද්දෙ මට  හරිම පැහැදිලිව ඇහුනා! 

පිටි පස්සෙ ඉඳන් එකපාරටම පැන්න දුඹුරු පාට  සාමාන්‍ය වෘකයෙක්ට වඩා දෙකක් වගේ ලොකු එකෙක්.. ඌ රයන්ගෙ ඇඟට කඩාන් පයිනකොටම මං ඌට ඇටෑක් කරපු නිසා ඒක කෙඳිරි ගාගෙනන පැත්තකට උනා.. මගෙ අත් වල නියපොතු කලු පාට උල් දිග නියපොතු විදියට වෙනස් වෙලා තිබ්බා...

Majesty Luna  ( complete )Where stories live. Discover now