ඒත් එක්කම අයියා කෙනෙක් ආවා. ඇවිල්ලා ,
අක්කාව එක්කන් ගියා. ඒ මනුස්සයා එක වචනයක් වත් කිව්වේ නැ ඇස් වලින් තමා කතා කරේ. අක්කා මට මෙතනම ඉන්න කියලා.
එත් මට අමුතු කැසිල්ලක් තියෙනවානේ. එපා කියපු වැඩේම කරන.
හැම වෙලේම කාර්යබහුල කොටුව ස්ටේශන් එක දැන් ටිකක් කාර්යබහුලත් වයෙන් අඩුයි. මමත් ඉන්න කිව්ව තැනින් පොඩ්ඩක් ඇයින් වෙලා වටපිට බලන්න ගත්තා.
තාරුක Pov end ...
සිරි නරඹ නරඹ හිටිය තාරුක ඇගේ දුවගෙන කෙනෙක් ඇවිත් හැප්පුනා. එයා හරිම හුරතල් ටිකක් කොට තාර කොල්ලෙක්.
ඒ පිරිමි ළමයා හිනා වෙලා සමාව අරගෙන ආයේ දුවන්න ගත්තා.
තාරුක නම් ෆුල් confused. එයාත් ඒ පිරිමි ළමයා දුවන දිහා ටිකක් බලාගෙන ඉදලා ඉස්සරහ බලනකොට එයා දැක්කා රෙල් පිල්ලෙන් එහා පැත්තේ තිබ්බ වේදිකාවේ ඉදන් කළු පාට මාස්ක් එකක් දාපු , කලු පාට ඇදුම් වලින් සැරසුනු පිරිමි කෙනෙක් එයා දිහා නපුරු පාට ඇස් දෙකකින් එයාව ස්කෑන් කරන්වා.
තාරුකත් ඒ පිරිමි කෙනා දිහා බලන් හිටියාත්. ටික වෙලාවකින් ඇහුන තාරුකාගේ කටහඩත් එක්ක මනෝලෝකයේන් මහපොළොවට ආව තාරුක අක්කා දිහා බැලුවා.
මල්ලි !
මල්ලි !අක්කේ මම මෙතන
කොහෙද බන් යන්නේ
මම කිව්වා නෙද මම කිව්ව තැනට වෙලා ඉන්න කියලා
සීංහල තේරෙන්නද.....
ඇයි ගොළුද කතා කරන්න බැරිද.
සොරි අක්කේ ආයේ යන්නේ නැ
සොරි කිව්වාම හරියනවද
මෙන්න මෙහෙ එනවා.තාරුක Pov
අක්කා මට හොදටම බැන්නා. ඔයාලා දැනට දැකලා තිබ්බේ අක්කගේ soft sweet පැත්තනේ එයා ඒ පැත්ත පෙනන්නේ ගොඩක් අඩුවෙන්.
එයාට පොඩ්ඩ ඇත්නම් කේන්ති යනවා. හරිම නපුරුයි.
එයා බැන්නට දුක හිතුනාත් මම වැරදියි නේ එකයි මම මුකුත් කිව්වෙ නැත්තේ.
YOU ARE READING
Heartless Love
Romans❝නුඹ එක්ක මම❞ කුලුදුල්ම ප්‍රේමයේ නොඉදුල්ම හැගීම "නුඹ". දහසක් නෙත් අතර නුඹවම හොයන "මම". නුඹට "මම", මට "නුඹ". ඉතින් බැරිද සංසාරයක් උනත් අත් බැදන් ඇවිදින්න....