"නිවන්!!!""හ්ම්ම්ම්..."
"මොකද බන් උඹ ඔය කරන්නෙ!!!"
"ලියනවා"
"උඹට පිස්සුද මේ වගේ වෙලාවක ලිය ලියා ඉන්න, උඹ කොහොමද ඔහොම සන්සුන් වෙලා ඉන්නෙ?? තව ටික වෙලාවක් බලලා මුන් අපිව මෙතනින් එලවලා දායි. අරූට මම කී පාරක් රින්ග් කලාද!! ඌ උස්සන්නෙ නැහැ බන්."
"මොන මගුලෙ ගිහිල්ලද මූ!! ශික්"
"බලනවා කී දෙනෙක් දැන් මෙතනට ආව ගියාද!! අපිට දුන්න වෙලාව පහු වෙලා දැන් පැය කීයක් වෙනවද ?."
"මූට කරදරයක්වත් වෙලාද බන් !!"
"නැහැ , එයා පරිස්සමට ඉක්මනින්ම එයි"
මගෙ අතින් ගැලවිලා දුර ඈත හැල්මෙ දුවන්න දගලන සුදු කඩදාසි පිටු ටික ආයෙම මගින් නතර කරගන්න දගලන මන් දිහා බලන් කල්පන තරහින් දිග හුස්මක් ඉහලට ඇද්දා.
"උඹ කොහොමද ඔය තරම් විශ්වාසෙන් කතාකරන්නෙ"
"මොකද මට දැනෙනවා"
"මොනවද?"
"එයා ඉක්මනින්ම එනවා කියලා"
"ඔව් ඉක්මනින්ම එනවා, දැන් පැය හතරක් තිස්සෙ ඉදන් උඹෙ මිනිහා ඉක්මනින්ම එනවා"
කල්පනගෙ කන් පෙති තරහෙන් රතු ගැහිලා, කල්පනට තරහ ගියාම එයාගෙ කන් පෙති ඉබේටම රතු පාට ගැහෙනවා. කල්පනගෙ හදිසි කේන්තිය එක්ක ඔට්ටු වෙන්න මම පුරුදු වුනේ අද ඊයෙක නොවෙද්දි කොරිඩෝවෙ තනියෙ පාලු මකන්න ඒ කොණට මේ කොණට ඇවිදින කල්පන දිහා බලන් මම හීනියට හිනාවුනා විතරයි.
කල්පනගෙ තරහව මට තේරුම් ගන්න පුලුවන්, තත්පර පහලවෙ කෝල් එකකට, වචන තුනක ඉල්ලීමකට, මුහුදු හතක් පහු කරගෙන මාව හොයන් ආව කල්පනව මේ තරම් පරක්කුවක් තරහ නොගස්සා ඉදීද!!
"සුදු නෙලුම්"
"කල්පන මම ගේන්න කිව්ව සුදු නෙලුම් මල අරන් ආවාද?"
"නිවන් මම මේ ප්රශ්නෙ උඹෙන් අහන අන්තිම වතාව, උඹට හොදටම විශ්වාසද මේ තීරනේ ගැන."
"ඇස් පියාගෙන දහයට ගනින්න"
"මගුලක් කතාකරන්න එපා නිවන්, මම තව පැයයි බලන්නෙ. අරූ ඒ වෙද්දිත් ආවෙ නැත්තම් මම උඹව අරන් ලංකාවට යනවා. උඹ දන්නවා මම ඒක කරනවා කියලා."
කල්පනගෙ තරහ පිරුනු ඇස් දිහා බලන් යන්තමින් හිනාවුන මම ආයෙම මගෙ ඔඩොක්කෙ තියන නෝට් බුක් එක දිහාවට ඇස් බර කලා. දහයයි~
"සුදු නෙලුම් මල් සුවදයි"
"ආහ්?"
"කල්පනට මම දහයට ගනින්න කිව්වා. කල්පන ගැන්නෙ නැති වුනාට කල්පන වෙනුවෙන් මම ගැන්නා. ඉතින් එකේ ඉදන් ගැනලා දැන් හරියටම දහයයි"
"ඉතින්?"
"දැනෙන්නෙ නැද්ද ,සුදු නෙලුම් සුවදක්"
"මොක-...."
මගෙ ඇගිලිතුඩු අස්සට හිර වුන සුදු කඩදාසි පිටු උඩු හුලගට එකතු වෙද්දි උන් හෙව්ව දුර ගමන හොයන් මන් උන්ට යන්න දුන්නා. ඒත් ඒ අතරමග මග එකම එක කඩදාසිය කොලයක් සුදු නෙලුම් සුවදක් ලග නතර වෙද්දි පහලට නැවුන සුදු නෙලුම පුංචි සුදු කඩදාසිය ඇහිද ගත්තා.
"නිවන්!!!"
ඉතින් මම කිව්වා, එයා ඉක්මනින්ම පරිස්සමෙන් එනවා කියලා.
මගෙ සුදු නෙලුම් මල, මගෙ මහත්තයා!!සිධාක්ෂ ගෞරව්
------------------------------------------------------------
පලවෙනි චැප් එක නෙවේ හොදද .
0.5🖤
මම ආව ඔයාලව බලලා යන්න
නිවන්+සිදාක්ෂ
සිදාක්ෂ ගෞරව් - Luke_TigerBun දැන්මෙ. තැන්ක් යූ බබී.
ESTÁS LEYENDO
සපත්නීරෝෂයක් ( නන්ෆික්)
No Ficciónසම්මතයැයි අකුරු කෙටුව සමාජයක අසම්මත ගඩොලින් ගොඩනැගුව කැදැල්ලක සම්මතය කටුගාමින්!!!!