Chapter 22

1.1K 197 73
                                    

ටිකෙන් ටික වෙලාව ගතවෙද්දි ජන්ග්කුක්ගෙ දැඟලිල්ල නැවතිලා ඒ ඇස් වල බලාපොරොත්තු කඩවුනු පෙනුමක් ඇඳෙනවා දැක්කම චෝයිගෙ මූණ ජයග්‍රාහී හිනාවකින් සැරසුණා.

ජන්ග්කුක්ගෙ ඒ බිඳුණු ස්වරූපය දැක්කම ටේහ්‍යොන්ග්ට මොනවගේ හැඟීමක් දැනෙයිද කියලා මතක් වෙද්දිත් චෝයිට තමන් දිනුවා කියන හැඟීම දැනෙන්න ගත්තා. තමන් නිසා ජන්ග්කුක්ට එහෙම දෙයක් උනා කියලා දැනගත්තම ඒ දෙන්නගෙ සම්බන්ධෙ මොනවගේ එකක් උනත් ටේහ්‍යොන්ග්ට රිදෙනවා කියලා චෝයි දැනගෙන හිටියා. මොකද දැන් කොච්චර නපුරු ප්‍රතිරූපයක් මවන් හිටියත් ටේහ්‍යොන්ග් කියන්නෙ කාලයක් හරි අහිංසක හදවතකට උරුමකම් කියපු කෙනෙක්.

"නිකෝ, දැන් ඔය ඇති. මෙයාව අපේ කොල්ලො ටිකට දීලා ඊට පස්සෙ අපි ඉතුරු ෆොටෝස් ටික ගමු." චෝයි එහෙම කියලා කට කොනකින් හිනාවෙමින් ජන්ග්කුක් දිහා බැලුවා.

"දිගටම මෙහෙම ගුඩ් බෝයි කෙනෙක් වගේ ඉන්න.. එතකොට අපිටත් ලේසියි.. ඔයාටත් ලේසියි." ජන්ග්කුක්ගෙ කම්මුලකට තට්ටුවක් දාලා එහෙම කියපු චෝයි පිටිපස්සට වෙන්න ගියත් ඒත් එක්කම එළියෙන් නැගුනු වෙඩි හඬක් එක්ක චෝයි වගේම කාමරේ හිටපු අනිත් බොඩිගාඩ්ස්ලා දෙන්නත් කලබල වුණා.

"SHIT!" ඩිරෙක්ටර් චෝයි curse කරද්දි පුංචි බලාපොරොත්තුවක් ආයෙමත් ඇති කරගත්තු ජන්ග්කුක් වැලමිටි වලට බරදීලා ටිකක් ඉස්සිලා චෝයිගෙ ඇඟිලි දෙකක් අතරට හිරවෙලා තිබුනු memory card එක ඒ ඇඟිලි දෙකත් හපාගෙනම කට ඇතුලට අරගත්තා.

He's Trouble [Taekook] ✔️Where stories live. Discover now