Chapter 21

210 17 1
                                    

" මන් - මන් කිවුවෙ ඊයේ shopping ගියා"

"කොයි කඩේට ද"

"ම..NOLIMIT එකට"

"එහෙමද..... යොෂින් බලන්න බිල් එක එහෙම තියෙනවද කියලා"

දැන් නම් ඉවරයි... සෙතුම්ගේ ඔය Tone එක එන්නේ serious වෙලාවට.මාව පට්ට ගහයි. අතත් එක්ක ගැහෙනවා

"මන්..මන් එක විසි කළා මගදී"

"ඕයි....බොරු කියන එක නවත්තපන්...උබ දන්නවා මට උබ හැරෙද්දී කියන්න පුළුවන්.කොහෙද ගියේ and කොහෙද යන්න යන්නෙ?!!"

දැන් මොනවා කියන්නද!? සින්දු කියන්න club අස්සේ රිංගුවා කියලා කිව්වොත් කොහොමත් පට්ට ගහයි.නොකිව්වොත්....ඒත් පට්ට ගහයි. සීනි බෝල වගේ හිටියට මේ දෙන්නම එහෙම ම නෑ....තව බොරුවක් ගොතපාන්...........ආශ් මගේ ඔලුව යකාගේ කම්මල වගේ දැන්. හනෙ දෙයියනේ....හේෂාන් අයියට කෝල් කරනවද....නෑ ඌ දැන් ගත්ත ගමන් අහයි පරිස්සමින් ගෙදර ගියාද අවුලක් නෑ නේද bla bla.එතකොට කොහොමත් අහු වෙනව.අනික එයත් එක්ක ඇවිදින්න යන්න තරම් මොකද්ද මට තියෙන උවමනාව...ඕකත් බොරුවක් කියලා මුන් දෙන්නටම හැරෙද්දී තේරෙනවා.අනේ අම්මෙ..... ඇත්ත කතාව කිව්වොත් මන් ආයේ මේ දෙන්නගෙම නිදහසේ තිබ්බු ඔළුවට කුණු ගොඩක් දානවා වගේ වැඩක් නේ වෙන්නේ.මන් කල්පනා ලෝකෙන් මිදිලා ගැස්සිලා ආයෙම යොෂින් දිහා බැලුවේ වෙවුල වෙවුල තිබ්බ මගෙ අත එයා wrist එකෙන් තද කරලා අල්ලගනිද්දි.කෝල් එක එයා කට් කරලා.

" ආශු........ඇයි ඔච්චර බයවෙලා...."

" න්.. නෑ - "

" ඇයි ඔච්චර බොරු කියන්නෙ? මොකද්ද ඔච්චර හංගන්න තියෙන්නේ අහ්? මාව පැත්තකින් තියන්න, සෙතුම්ට වත් නොකියා ඉන්න තරම් ? "

"නොකියා ඉන්නේ ඕනේ නැති නිසා. හැමදේම ඔයාලට කිය කිය වදයක් වෙන්න බැහැනේ. මන් දන්නවා මන් කරන්න ඕනේ මොකද්ද නැත්තේ මොකද්ද කියලා "

කවදාවත් එයා ඉස්සරහ කතා නොකරපු tone එකක් කලබලේට ද කොහෙද මගේ කටින් එලියට ආවෙ.මගේ අත අල්ලන් හිටපු එයාගේ අත තව තද වෙද්දි, මන් මගෙ අත ගස්සලා එහාට ගත්තත් එයාගේ අර ගිනිගන්න ඇස් වල බැල්ම තවමත් මගෙ දිහාට තියෙන බව මට දැනුනා.වචන ඔක්කොම උගුර ඇතුලෙම හිරවෙද්දි, මුළු ඇගම පාලනයක් නැතුව වෙවුලන්න පටන් ගනිද්දී, පිස්සුවෙන් වගේ හුස්ම වැටෙද්දී තවත් ඒ ඇස් දිහා බලන් ඉන්න මට පුළුවන්කමක් තිබ්බේ නෑ.මන් නැගිටලා යන්න හදද්දී ම එයා මගෙ ඉනෙන් අත තිබ්බා.කකුල් දෙකම පන නැති වෙලා, ඇග දිගේ කරන්ට් එකක් ගිහින් මාව ඇඳේ ඉන්දවුණේ ඇයි කියලා මන් දන්නෙ නෑ.ඇත්තටම, ඇයි මන් මෙච්චර බයවෙලා ඉන්නේ? මන් ඇස් දෙකත් ලොකු කරලා එයා දිහා බලද්දි එයා shirt එක පොඩ්ඩක් උඩට කරලා ඉන පැත්තකින් එයාගේ පුංචි ඇගිල්ලක් ඇදගෙන ගියේ තප්පරෙන් ආයෙමත් මගෙ ඇස් දිහා කෙලින්ම බලන ගමන්.

රිද්මය(GL)Where stories live. Discover now