කතාව විදින්න ආස නම් අනිවාරෙන උඩ සිංදුව අහන් කියවන්න.----------------------------------------------------------------
ඇද ලග තියන ටේබල් එක උඩ තියලා තියන ඔරලෝසුවෙ තත්පර කට්ට අදත් දොලහ හොයාගෙන වේගෙන් උඩට දුවනවා, ඒත් ඒ ගමන අදත් මගින් නතර වෙද්දි සමහරක්විට ඔරලෝසු තත්පර කට්ටටත් මගෙන් අහන්න ඕන ඇති!!!මගෙ ගමන මගින් නතර කරන්න ඕන නම් ඇයි මට මේ ගමන පටන් ගන්න කිව්වෙ!!!
කාමරේ වම් කොණට වෙන්න තියන සුදු ඇද ඇතිරිලි දැන්ම අපේ ඇදේ කොනෙන් ඉදගත්ත මම එලාර්ම් ඔරලෝසුවේ තත්පර කට්ට නතර වුන දොලහෙ ඉලක්කම දිහා බලන් හුස්මකින් පපුව පුරවගත්තා.වෙලාව පාන්දර හයයි. හැම රෑකම නින්දට යද්දි එලාම් ඔරලෝසුවෙ වෙලාව පාන්දර හයට තියන්න සිදාක්ෂ පුරුදු වෙලා, රෑ දහයෙන් පටන්ගෙන පාන්දර හය හොයාගෙන යන ගමන තත්පර කට්ට එහෙම පටන් ගත්තත් ඒ ගමන හැම දවසකම පාන්දර 5.59න් නතර වෙද්දි ඔරලෝසු කට්ටට වුනත් ආයෙම මගෙන් අහන්න ඕන ඇති.
උඹ ඔය තරම්ම ලෝභද!!! උඹ ඇරෙන්න වෙනින් එකෙක් උඹෙ මහත්තයව උදෙන් ඇහැරනවටවත්. පණක් ගැහෙන් නැති මගෙ හඩ පවා උඹේ හඩ වෙනුවට උදෙන්ම එයාට ඇහෙනවට අකමැතිද!!!
සිදාක්ෂගෙ කලු කැරලි කොන්ඩෙ අතරෙ මගෙ එක අතක් නතර වෙද්දි අනෙක් අත සිදාක්ෂගෙ පපුව උඩින් නතර වුනා.සිදාක්ෂ කොයිතරම් මට විහිලු කලත් , ඒක මගෙ එක සිතලුවක් විතරයි කිව්වත් අදත් ඒ සිතලුව මට ඒ විදියටම ඇහෙනවා. මගෙ පපුවෙ හුස්ම ඉහලට ගන්න ඒ තත්පරයෙම සිදාක්ෂගෙ පපුවත් හුස්ම ඉහලට ගන්නවා, සිදාක්ෂගෙ පපුව හුස්ම පහලට හෙලන ඒ තත්පරයෙම මගෙ පපුවෙ හුස්ම පහලට වැටෙනවා. මීට අවුරුදු හතරකට කලින් වෙච්ච ඇක්සිඩන්ට් එකෙන් මගෙ පපුවෙ හුස්ම නතර වෙද්දි ආයෙම මගෙ පපුවට හුස්ම පිරෙව්වෙ සිදාක්ෂ.
ඒ දවසෙ ඉදන් අද වෙනකන් හැම උදේකම මම සිදාක්ෂගෙ හුස්මෙ හඩට ඇහුම් කන් දීලා තියනවා, අවුරුදු හතරක් අදටත් අපේ හුස්මෙ වෙනසක් නැහැ.සිදාක්ෂගෙ පපුව හුස්ම ඉහලට ගනිද්දි මගෙ පපුවෙ හුස්ම ගන්නවා, සිදාක්ශගෙ හුස්මෙන් පපුව පිරවෙද්දි මගෙ පපුවෙ හුස්ම පහලට වැටෙනවා. මේ පපුවෙ යන්න ගිය හුස්ම යන්නම ගියා,ඉතින් ඒ හිස් වුන පපුවේ හුස්ම පිරවුනේ මගෙ මහත්තයගෙ හුස්මෙන්.
VOUS LISEZ
සපත්නීරෝෂයක් ( නන්ෆික්)
Non-Fictionසම්මතයැයි අකුරු කෙටුව සමාජයක අසම්මත ගඩොලින් ගොඩනැගුව කැදැල්ලක සම්මතය කටුගාමින්!!!!