ජිවිතය කියන්නේම අරුම පුදුම දේවල් වෙන මහා පුදුමාකාර ලස්සන නවාතැන් පොළක් මගේ ජිවිතේත් අන්න ඒ වගේ අරුම පුදුම දේවල් වුණ ලස්සන නවාතැනක් කිව්වොත් මම හරි අන්න ඒ වගේ මේ දැන් වෙන්නෙත් ඒ වගේ දෙයක් මම කොහොමත් නොහිතපු එත් මම දහාස් වාරයක් ප්‍රාර්ථනා කරපු දෙයක්මම හොස්පිටල් රූම් එක ඉස්සරහා කකුල් දෙක පන නැතුව එතන දණ ගැහුනේ අන්න එහෙම මගේ ජිවිතේට වුණ පුදුමකාර එක දෙයක් නිසා..... ඔව් මගේ පණ ඇස් ඇරලා තිබ්බා හරියටම මාස තුනකට පස්සේ ඉතින් මට මෙහෙම වෙන දෙය අහන්නත් දෙයක් ද මම හැමදාම හිතුවේ එකම එක දෙයයි ඒ මගේ කොල්ලට ආයේ සිහිය එන්න කියලා අද එක ඒ විදියටම වෙලා තියෙනවා දැක්කම මට දැනුනේම මම ආයේ ජිවත් වෙන්වා වගේ හැගිමක් මොකද මම ජිවත් වුණාට වඩා උන්නේම මැරුනු මිනිහෙක් වගේ නිසා
අශාන් ගේ උදව්වෙන් ඌට වාරු වෙලා නැගිටලා හෙමින් හෙමින් ඇවිදන් ගියේ මගේ මැණික ලගට එයා මගේ දිහා බලන් ඉන්නවා එක ඇස් පිල්ලමක්වත් නොගහා අපි දෙන්නගේ ඇස් දෙක ලොකු කතාවක ඒ සුදු මැලි වෙලා තිබ්බ ඒ මුණ ආයේ වතාවත් රෝස පාට වෙලා තිබ්බා ඒ මලානික වෙලා තිබ්බ ඇස් ආයෙත් දිලිසෙන්න පටන් අරන් ....... මම දන්නේ මට කතා කරන්න ඕන වුණත් සතුට වැඩි නිසාමද කොහෙද මම හිටියේ ගොලු වෙලා
' ම්....මැණික "
මම කතා කරද්දී ඒ ඇස් තවත් දිලිසෙන්න පටන් ගත්තා ඒ ඇස් දෙක ලග මම මොහොතකට තනි වුණා
" ඩොක්කට දැන් පුතාට කොහොම ද "
මම ඒ ඇස් අස්සේ අතරමන් වෙලා ඉද්දී තාත්ති ඩොක්ට එක්ක කතා කරනවා ඇහුනු නිසාම මම ඒ පැත්තට හැරුනා
" බය වෙන්න දෙයක් නැහැ අපි එයාව චෙක් කලා එයා හොදින් එත් ටික දවසක් යනකන් එයාව පරිස්සම් කරන්න වෙනවා තව දෙයක් ඔලුවට ඇති වුණ ඩැමේජ් එක නිසාම එයාට ලොකු ප්‍රෙෂර් එකක් දෙන්න එපා පුළුවන් තරම් සැහැල්ලුවෙන් තියන්න කකුල වුනත් පරිස්සමින් එක පාරම අඩිය තියන්න එපා...... "
ඩොක්ට මගේ කොල්ලට හෙන උපදෙස් ගොඩක් දුන්නා මම දැක්කා එයා එවා අහන් ඉන්නවා කොහොමත් අද අදන් මම මගේ කොල්ලව කොහොමත් පරිස්සමින් බලා ගන්නවා වගේම තප්පරයකටත් මේ ඇස් වලින් එයාව ඇත් කරන්නේ නැහැ...
අනික දැන් ඩොක්ට කිව්ව දේවල් එක්ක මම හිතා ගත්තා අද වුණ මේ කිසිම දෙයක් එයාට කියන්නේ නැහැ මොකද ඒ දේවල් එයාට ඕනි නැහැ මේ හැමදෙයක්ම රහසක් විදියට අපි තුන් දෙනා ළග විතරක් තියෙයි මොකද සමහර දේවල් තියෙනවා ඒවා රහස් විදියට තිබිලා අපිත් එක්ක වැලිලා යන්න දෙන එක හොදයි කියලා හිතෙන මේ දෙයත් අන්න එහෙමයි
YOU ARE READING
𝔽𝕠𝕣𝕖𝕧𝕖𝕣 𝕨𝕚𝕥𝕙 𝕌
Literatura Faktuසූර්යයාකාන්ත මල ජීවත් වුණෙත් ඉර වෙනුවෙන්ම වුණකොට මමත් ජීවත් වෙන්නම් ඔයා වෙනුවෙන්ම ❤🌻