11

481 93 19
                                    

ඊලඟට කෝල් එක ආවෙ රෝසිගෙන් මං ටග්ගාල ෆෝන් එක අනිත් පැත්ත හැරෙව්වා.  මං මුකුත් දන්නෙ නැහැ ඕන්.. මේ අරූගෙ වැඩ..

" කවුද ඒ...!"

" කවුරු හරි..ඔයාට මොකටද..?"

"........... "

එනවා කැවුද අහන්.. මං රවලා ඉවර වෙන්නත් කලින් ආපහු ඩෙස් එක උඩ තිබ්බ ෆෝන් එක වයිබ්‍රේට් වෙන්න ගත්තා බ්‍රාස් බ්‍රාස් ගාන්..

" එක්ස්කියුස් මී .."

මං නැගිටලා ගියත් වැඩක් නැහැ අපේ කන් ඇහෙන පරාසෙ වැඩීනේ.. මං එහෙමම ෆෝන් එක කනේ තියාගත්තා..

" කියන්න නටාලියා.."
" මැරුනේ නැහැ නේ.."
" ආ එහෙනම් කමක් නැහැ .. "
" මොන පඩිපෙලෙන්ද?"
" ෆෝත් එකේ ඉඳන්..!! මැරුනේ නැද්ද බං.."
" පුදුම වාසනාවක් ඒකනම්.. "
" ඇයි මං එන්න ඕනේ.. ඒ ගෑනිගෙ කකුල් තවන්න ඕන්නම් වැඩට කෙනෙක් ගන්න කියන්න..! "
" නටාගන්න කියන්න කෙල්ලේ.. ම්ම් මං වැඩ අනේ.. නැහැ අනේ තාම කෑවේ නැහැ අප්පා..ම්ම් ම්ම් හාකෝ.. මං රෑට ගන්නම්කෝ කෙල්ලේ..හා හා... අරකිගෙ කකුල් තවන්න ඔයා යන්න එපා සියුමැලි අත් වලින් වැඩ කරන්න හොඳ නැහැ නේ.. ඔන්න ඔනේ අර බැරල් එකටම දීලා දාන්න.."
" ඒකනේ කෙල්ලේ.. නැහැ කෙල්ලේ... නැහැ කෙල්ලේ ආයෙ එන්න අදහසක් නැහැ .. "

මං ලොකු හුස්මක් අරන් ෆෝන් එක තිබ්බේ හිත යටින් පිනුම් ගහ ගහා... ඒත් එක්කකම ආපු ෆොටෝ එක මං ටච් කරා විතරයි මගෙ හිනාව පැන්නා...

" පුහ්..හහ්හාහාහ්හා..!! ස්..සොරි සර්..හහ්හා.."

" මොනාවද වීණාව් ඔච්චර හිනා වෙවී බලන්නේ...."

රාහුල් සර් එහෙම අහනකොට මං දඩස් ගාල වැටුන ෆෝන් එක ඇහිඳ ගත්තා. තව ඉරක් ගිහින් වටේ කුඩු වෙලා..

" මගෙ step sister ෆෝත් ෆ්ලෝ එකේ ඉඳන් පහලය වැටිලනේ  සර්..හරිම දුකයි.."

දෙන්නම මං දිහා ඇස් ලොකු කරන් බලාන් ඉන්නකොට මං යටි තොල හපාන් ෆොටෝ එක කේත්ට සෙන්ඩ් කරා..

" දුකයි!"

ආදෙව් සර් එහෙම අහනකොට මං යටි තොලත් හපාන් ඔලුව වැනුවා..

" දුකයි මිස්ට ආදෙව් එච්චර උසකින් වැටිලා මැරිලා නොගියපු එකට..!!"

Majesty Luna  ( complete )Where stories live. Discover now