උඩ සිංදුව අහන් කියවන්න. ඇස් පියාගෙන පසුව ඔහුව විදින්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ටික්...ටික්...ටික්...
සුදු තීන්ත තැවරුව බිත්ති හතරක් මැද්දට හිරවුන කුඩා කාමරයෙ දෝංකාර දෙමින් ඇහෙන ඔරලෝසු කටු හඩේ ගමන පරයලා නැවතත් ඇගේ වේදනාත්මක විලාපයෙ හඩ දෝංකාර දෙන්න ගත්තා. ඇය වේගයෙන් හුස්ම ගන්නවා, නමුත් ඉහලට ගන්න ඒ හැම හුස්මක්ම ආයෙම වේදනාවෙන් එලියට පිඹිනවා.සුදු ඇතිරිලි දෑගිලි අතරට ගුලි කරගනිමින් වේදනාවෙන් මිරිකෙමින් හඩා වැටෙනවා. මුලු සිරුරම දහඩියෙන් පෙගී යද්දි ජීවිතයත් මරණයත් අතර ගෙතෙන කුඩා සිහින් රේඛාවත් සමග හති දමමින් ඇය ගණුදෙනු කරනවා.
ඇයට තවදුරටත් දරාගන්න බැරි බව කෑගසමින් කියාපානවා, නමුත් ඒ ඇයම නැවතත් වේගයෙන් හුස්ම ගනිමින් එම ප්රාණය නමින් සටන් කරනවා.
මිනිස් බවයක උපදින මනුස්ස ප්රාණියෙක්ට විදිය හැකි උත්තරීතරම ප්රේමය නම් මව් පදවිය නමින් සටන් කරන, රෝහල් ඇදක් මත විලිරුදාවෙන් විලාප තබන ඇය ප්රේමණීය ගැහැණියම විය.
"ඩොක්ටර්!!"
ඇය සමග සටන් වැදුන මාරයාට ඇයට පෙර හති වැටී ඇත. නැවුම් හුස්ම පොදකට ඉඩ දෙමින් නික්ම යන මාරයා විසින් ලංසු තැබුව එම ප්රාණියා මාතෘත්වයෙ සෙනෙහස නමින් මෙලවට උපත ලබනවා. මොහොතකට පෙර වේදනාබර විලාපයන්ගෙන් දෝංකාර දුන්න රෝහල් කාමරයෙ තුල තවදුරටත් ඇගේ විලාපයන් ඇසෙන්න නැහැ. අලුත උපන් කිරි දරුවෙකුගෙ පලමු හැඩීම අසමින් ඇගේ දෑස් අගින් සතුටු කදුලු පහලට කඩාගෙන වැටෙනවා.
ලෙයින් නැහැවුන පුංචි බිලින්දිය දෝතට ගත්ත මම මොහොතකට ඇය දිහා බලන් හිටියා. ඇගේ පුංචි දෑගිලි තදින් මගෙ ඇගිල්ලක් වටා දැවටෙද්දි ඇගේ හැඩීම ටිකෙන් ටික බාල වෙන බව මට දැනුනා.
තාරකා මණ්ඩල අනන්තයක් ඔය පුංචි දෑස් තුල ජීවත් වෙනවා, ඉතින් අප්පච්චිම නෙවේද පුංචි උඹ. මොහොතකට පෙර හඩාවැටිලත් ඇයි දැන් හඩන් නැත්තෙ.දිදුලන තාරකා මන්දාකිනි ඔය පුංචි දෑස් තුල සගවාගෙන හිනැහෙමින් මන් දිහා බලන් ඉන්න මගෙ පුතෙ, ඇගේ කුසින් මෙලොවට බිහිවුනත් පලමු හමුවීමෙන්ම මගෙ අත තද කරලා අල්ලගත්ත පුංචි තාරකාවිය.
أنت تقرأ
සපත්නීරෝෂයක් ( නන්ෆික්)
غير روائيසම්මතයැයි අකුරු කෙටුව සමාජයක අසම්මත ගඩොලින් ගොඩනැගුව කැදැල්ලක සම්මතය කටුගාමින්!!!!