-
-
-
-
-
-
-
-
-
-
-
○○○🥺❤️🩹ජනේලෙන් පේන ඈත අහස දිහා බලාගෙන ඉන්න අතරෙම ආපු සීතල හුලං පොදක් ජනේලෙ ලගට ම වෙන්න තිබ්බ පොත් මේසෙ හිටපු මාවත් වෙලාගෙන ගියේ ඒ පහසට මගේ ඇස් දෙක ඉබේටම පියවෙලා යද්දි...එහෙමම මගේ හිත ඇදිලා ගියේ කියවගන්න නොතේරෙන හැඟීම් ගොඩක් ඇදිලා තිබ්බ ඒ ඇස් වලට..ඇහැ පියවෙන හැම තත්පරේකම ඒ ඇස් මගේ ඉස්සරහ හරි ලස්සනට ඇඳුනා...අවුරුදු ගානක් ගෙවිලා ගිහින් තිබ්බත් මට ඒ ඇස් වල තිබ්බ බැල්ම අදක ඊයෙක වගේ මතක තිබ්බා...ආයෙත් සැරයක් හරි හිමීට හමාගෙන ආපු හුලං පොදක් එක්ක මාව වෙව්ලලා ගියේ හරි නැවුම් හැඟීමක් හිතට දැනෙද්දි...මොන දේ කොහොම උනත් මම තාමත් බලන් ඉන්නෙ මගේ අතේ තියෙන සුදුකලු මිශ්‍ර වෙච්ච බ්‍රේස්ලට් එක දිහා....අවුරුදු දාහතරක්.. ඔව් අවුරුදු දාහතරක් මන් එයා වෙනුවෙන් බලන් හිටියා....ඉස්සරහටත් මෙහෙමම බලන් ඉදීවි....
ලස්සනම මතකයන් ඔබ සමග ගෙවුනු...
පාරන විට හද මගේ වේදනාවෙන් තැලුනු...
මතක හරි බරයි හිත අස්සෙ කාවැදුණු...
ඔබට අමතකයි ජීවිතේ මඟහැරුනු...කේෂ්~•
॰
॰
॰
॰
॰ඩයිරිය වහලා හිතට දැනුන වාවගන්න බැරි හැඟීම් මහ ගොඩක් එක්ක මං බැලුවෙ ටිකෙන් ටික කලුවර වැටීගෙන එන අහස දිහා..මගේ පොත් මේසෙ ගාවට හරි ලස්සනට අහස පෙනුනා...ඒත් එක්කම මං බැලුවෙ සීයා තාම නැත්තෙ ඇයි කියලා...වෙනදට මේ වෙලාව වෙනකොට සීයා ගෙදර..අද තාම නෑනෙ...සීසීකඩ ගියපු පොත් අස්සෙන් මගේ චූටි ෆෝන් කෑල්ල හොයා ගත්තු මම වෙලාව බැලුවා...ම්ම්..තාම 6.52යි...ඒ කියන්නෙ තව ටිකකින් සීයා ඒවි....
ආආ..මම කවුද කියලද ඔයාලා බැලුවෙ...මම උන්මාද්.... උන්මාද් කේෂිදු....මම පොඩි කාලෙම මගේ අම්මයි තාත්තයි නැතිවෙලා... කොහොමද..ඇයි..මොනා වෙලාද මුකුත් නෑ...එයාලා නැතිවෙලා... දන්න කාලෙ ඉදලම මම ඉන්නෙ සීයත් එක්ක......මගේ දුකට සැපට හැමදේටම මට ඉන්නෙ මගේ සීයා විතරයි...සීයා සීයා කිව්වට මාරම ගාම්භීර පෙනුමක් තියෙන්නෙ..මට තාම හිතාගන්න බෑ මේ වගේ පෙනුමක් තියෙන කෙනෙක් මෙච්චර දුප්පත් උනෙ කෝමද කියලා...ඒ තරමට මගේ සීයා හරි ලස්සනයි..නෑ ඊට වඩා ගැලපෙන්නෙ කඩවසම් කියන එක..........
සාදිරිස් අර්ලියන් අට්ටාලගේ (කේෂ්ගෙ සීයා)
YOU ARE READING
අවිනිශ්චිත හෝරා..
No Ficciónහද පැරීයන්නම විරහ හීයෙන් හද තුලට විදින ඒකපාර්ශ්වික ප්‍රේමයේ තැවුල් උරුම හිමිකාරියනි, ඇවිද යමු ඒකපාර්ශ්වික ප්‍රේමයේ ගැඹුරුතම තැන් සොයා... රාගයම පමණද ඒ හිත් තුල???? අවිනිශ්චිතයි..... ආදරය බිඳක් හෝ නැතිද ඒ හිත් තුල???? අවිනිශ්චිතයි..... සියල්ලම අවින...