දෙවන හෝරාව

122 25 32
                                    

"ඉතින්....පුතාගෙ නම කියන්න බලන්න...."

"ම්..ම්..මම..උ...න්මාද් ක්..කේෂිදු අට්ටාලගේ..."

"ම්ම්ම්..පුතා ජයවර්ධනපුර University එකේ නේද...."

"ඔ..ඔව් න්..නෝ..නා...."

"ආහ්...එතකොට පුතා මොන faculty එකේද..."

"Medical faculty එකේ නෝනා..."

"ම්ම්...great.."

ඇත්තටම මට තාමත් හිතාගන්න බෑ මේ මොනාද වෙන්නෙ කියලා...දෙයියනේ..සීයටවත් මතක නැද්ද මේ මනුස්සය කවුද කියලා...ආආ..අනේ සීයේ....

මායි සීයයි දැන් මෙතනට ඇවිත් ඕනනම් විනාඩි 10 ක් යන්නැති...මට තාම හිතාගන්න බෑ මම මේ ඉන්නෙ මම අවුරුදු ගානක ඉදන් ආදරේ කරන මනුස්සයගෙ අම්මා ඉස්සරහ කියලා...

ඔව් ඔව් අනේ..මම මේ ඉන්නෙ මගේ චූටි මහත්තයා "තීව්‍ර චාතූර්ය මේඝවංශ"ගෙ අම්මා "ලොකු නෝනා"ලග...ඒ කියන්නෙ මට අවුරුදු දාහතරක් මගහැරුණු මගේ චූටි මහත්තයා ගැන මෙයා....මම කිව්වෙ නෝනා දන්නව ඇති...

මම මේ ඉන්නෙ Application එකක් පුරවන ගමන්..ඒ අතරෙ නෝනා මගෙන් අහන ප්‍රශ්න වලටත් උත්තර දෙන ගමන්....මගේ අත සට සට ගාලා වෙව්ලනවා...මගේ එහාපැත්තෙ ඉන්න සීයට වගේම ඉස්සරහින් ඉන්න නෝනාටත් ඒ කිව්වෙ චූටි මහත්තයාගෙ අම්මටත් ඒක හොදට පේනව ඇති...

"බය වෙන්න එපා පුතේ..."

එකපාරට මම ගැස්සිලා ගියේ නෝනා මගේ අත උඩින් අතක් තියලා හරි ආදරණීය කටහඩකින් එහෙම කිව්වම...මැඩම් එක්ක හරි ලස්සනට හිනා උන මාත් පුරවලා ඉවර වෙච්ච application එක එයාගෙ අතට දුන්නෙ මේක ඇතුලට ආවත් හරි එක වචනයක් තාම කතා නොකෙරුව සීයට අවධානෙ දෙන ගමන්....මට පෙනුන විදියට සීයා හිටියෙ මගේ දිහා බලාගෙන මොනවහරි දෙයක් කියාගන්න බැරුව වගේ...අනේ මන්දා...හැමදේම අමුතුයි....

"හරි..දැන් පුතාට යන්න පුලුවන්....ස්වේතා...මේ දරුවව 2nd floor එකේ 10th room එකට එක්ක යන්න...."

"Ok madam.."

මමයි සීයයි එන්න නැගිට්ටා..ඒත්....

"You wait..Mr.Attalage"

නෝනා එතන හිටපු කෙනෙක්ට මාව එක්කන් යන්න කියලා මාත් එක්කම නැගිටින්න හදපු සීයව නතරකරගත්තා....හේතුවක් නොතේරුනත් මං ඉබේටම සීයා දිහා බලද්දි සීයා මට ඇස් වලින් හැමදේම හරි කිව්වත් මෙතනට ආපු වෙලේ ඉදන් මට මහ අමුත්තක් දැනෙන්න ගත්තා..ඒක තව වැඩි උනේ මේ මගේ චූටි මහත්තයගෙ අම්මගෙ තැනක් කියල දැනගත්තම...සීයට මතක නැද්ද මෙයාල ගැන...සීයා ඇයි අමුතුවට හැසිරුනේ...මගේ චූටි මහත්තයා කොහෙද දැන් ඉන්නෙ...ඇයි මාව මෙතනට ම එක්ක ආවෙ...

අවිනිශ්චිත හෝරා..Where stories live. Discover now