නෙත්රු තේව් සමීපයටම ගොස් තේව්ගේ දෑතින් අල්ලා ගත්තා. තේව්ගේ හදවත රේස් දුවන්නට පටන් ගත්තා. ඔහු ඒ හැඟීමට ආශා කළා. එමෙන්ම ඔහුගේ හද ගැස්ම නෙත්රු හට ඇසෙනවාට ඔහු බිය වූවා.
“ස…ර්… මොකද මේ?”
“මොකද මෙච්චර බය වෙලා? මං තමුන්ගේ බෙල්ල මිරිකුවේ නෑනේ.”
“..........”
[බෙල්ල නම් මිරිකුවේ නෑ. ඒත් මගෙ හුස්ම හිර වෙනවා. ඔයා මොකක්ද මට මේ කරන්නේ. කරුණාකරලා මේක නවත්තන්න. මම බයයි මේ හැඟීමට.]
“තේව්! මේ අතට මොකද වුණේ?”
“අ..හ්…?”
“මේ අතට මොකද වුණේ?”
“ඒ…ක සුළු දෙයක් සර්”
“මං ඇහුවේ මොකද වුණේ කියලයි”
“එවෙලේ සර් මගේ අතට තේ හැලිලා.මේක ලොකු දෙයක් නෙවේ.”
“එවෙලේ කිව්වේ අර මාව දැකලා, ගම පෙරලන් දිව්ව වෙලාවෙද?”
“මං සර්ව දැකලා දිව්වේ නෑ.මොකද සර් දැක්කම දුවන්න සර් රීරි යකා නෙවේනේ” තේව් නොරිස්සුම් ලෙස පැවසුවා. නෙත්රු අපහසුවෙන් තම සිනහව පාලනය කරගෙන සිටියා.
“ඉන්න මං ගාව ඕකට බේතක් තියෙනවා.”
“නෑ සර් ඕනේ නෑ.”
“මං තමුන්ගෙන් ඕනෙද නැද්ද කියලා ඇහුවේ නෑනේ. ඔහොම ඉන්නවා.”
[මේකා යකෝ….. මහ මෝඩ හිකනලෙක්.]
නෙත්රු ගොස් ප්‍රථමාධාර පෙට්ටියක් රැගෙන පැමිණ කාමරයේ පසෙක තබා තිබූ තරමක් කුඩා කවිච්චියෙන් හිඳගෙන ප්‍රථමාධාර පෙට්ටිය විවර කර එහි වූ යමක් සොයන්නට වූවා.
“හරි මේ තියෙන්නේ.” පිලිස්සීම් සඳහා භාවිතා කරන ආලේපනයක් ඔහු අතට ගනිමින් පැවසුවා.
ඔහු හිස ඔසවා තේව් දෙස බැලුවා. තේව් තවමත් පෙර හුන් තැනම සිටගෙන සිටින අයුරු ඔහු දුටුවා.
“තේව්..”
“ඔව් සර්.”
“මෙතනට එන්න”
YOU ARE READING
Deja Vu_BL Non Fic_
Non-Fictionදෙහදක නිපන් නොකියූ ආදරය 🥀❤️ ආදරය සුන්දර හැඟීමක්. ආදරයට සම්මතයක් ගොඩනැගුවේ කවුරුන්ද? ආදරය කිරීම ජීවිතයෙන් වන්දි ගෙවීමට තරම් වරදක්ද? ආදරයක් සෙනෙහසක් නොලැබුණු මට ඒ ආදරය ලැබුණේ නුඹෙන්ම පමණයි.