Ps: උඩ සිංදුව අහන් කියවන්න
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
"කල්පන!!!"
"හ්ම්ම්ම්..."
"මුලු අහසම කලු කරලා, තව ටික වෙලාවකින් වහින්න ගනියි."
"එයා එයි නිවන්, එයා ඉක්මනින්ම එයි"
"කොහොමද කල්පන ඔය තරම් විශ්වාසෙන් කතාකරන්නෙ?"
"මොකද උඹට දැනෙන නිසා නිවන්, උඹට දැනෙන නිසාම සිදාක්ෂ ඉක්මනින්ම එනවා කියලා මම දන්නවා"
හිස් අත්ලෙ රේඛා එකින් එක ගනිමින් මග බලන් ඉන්න නිවන් ලගින් ඉදගත්ත කල්පන දිගු හුස්මකින් පපුව පුරවගත්තා.
"කල්පන"
"හ්ම්ම්ම්"
"කල්පනගෙ කන් පෙති අද තරහෙන් රතු ගැහිලා නැහැ."
"තත්පර පහලවෙ කෝල් එකකට, වචන තුනක ඉල්ලීමකට, මුහුදු හතක් පහු කරගෙන මාව හොයන් ආව කල්පනව අද මේ පරක්කුව තරහ ගස්සන්නෙ නැද්ද? "
නිවන්ගෙ ඇස් මගහරිමින් දුර ඈත පෙනෙන මිරිගුවක් හොයන කල්පනගෙ උරහිස උඩින් නිවන් අත තියද්දි කල්පනගෙ සිරුර ගැස්සීමකට ලක් වුනා.සිදාක්ෂගෙ පැමිනීම තව තවත් ප්රමාද වෙන්න යැයි තමන් ප්රාර්ථනා කරන වග නිවන්ට දැනුනදැයි කල්පන බය වුනා.
"සුදු නෙලුම්"
"කල්පන මම ගේන්න කිව්ව සුදු නෙලුම් අරන් ආවාද?"
"ම-ම ගෙනාවා නි-වන්"
"හ්ම්ම්ම්"
"කල්පනට මට කියන්න දෙයක් තියනවද?"
"නැහැ නිවන්"
කල්පනගෙ හදිසි කේන්තියත් එක්ක ඔට්ටු වෙන්න නිවන් හුරු වුනේ අද ඊයෙක නොවෙද්දි නිවන්ගෙ වෙනස් නොවෙන තීරණ දරාගන්න කල්පන වුනත් හුරු වුනේ අද ඊයෙක නෙවෙයි .නිවන් ගත්ත හැම තීරණයක් පිටිපස්සෙම ඔහුට හයියක් වෙමින් කල්පන හිටගත්තා.
නමුත් මේ වතාවෙ කල්පනට නිවන්ට වේදනාවෙන් කෑගහලා කියන්න උවමනා කලා, තවදුරටත් ඔහුට බැරි වග. තවදුරටත් නිවන්ට හයියක් වෙන්න ශක්තියක් ඔහු තුල ඉතිරි වී නැති වග. ඒත් ඒ සියලු සිතුවිලි තමන් තුලම පමණක් සිර ගත කරගනිමින් දුර පෙනෙන මිරිගුව හොයමින් කල්පන නිහඩ වුනා.
أنت تقرأ
සපත්නීරෝෂයක් ( නන්ෆික්)
غير روائيසම්මතයැයි අකුරු කෙටුව සමාජයක අසම්මත ගඩොලින් ගොඩනැගුව කැදැල්ලක සම්මතය කටුගාමින්!!!!