‼️විසි දෙවන දිගහැරුම‼️

45 6 69
                                    

“හ්ම්ම්. මං එහෙනම් යනවා. ගොඩක් රෑ වුනොත් කැබ් එකක් දාගෙන වරෙං”

“හරි හරි”

“මේ මගේ නෑනව ඉක්මනට මට පෙන්නපං ඈ….”

“එහෙම එකෙක් නෑ ඕයිපලයං මෝඩයා

අදිස් සිනාසෙමින් පිටව ගියා.
:
:
:
:
:
:
:
:
:
:
:
:
:
:
:
:
:
:
:
:
:
:
:
:
:
:
:

තම රාජකරිය අවසන් වී සුපුරුදු පරිදි පිටව යාමට පැමිණි නෙත්රු දුටුවේ තේව් සහ අදිස් දෙදෙනාවයි. ඔවුන් දෙදෙනා කතා බහ කරමින් සිටි දේ ඔහුට නොඇසුනත් ඔවුන් බොහෝ කලක සිටන් හඳුනන මිතුරන් සේ පෙනුනා. ඉතා කුළුපගව අදිස් තේව් සමඟ කතාබස් කරන අයුරු දුටු නෙත්රුගේ යටි සිතෙහි ඊර්ෂ්‍යාවක් නොඉපදුනා කීවොත් එය මුසාවක්. මන්දයත් මේ දින කිහිපය ඇතුලත තේව් කිසි විටෙක නෙත්රු සමඟ එතරම් කුළුපග නොවුණු නිසාවෙනි.  මොහොතකින් අදිස් සිනාසෙමින් පිටව යන අයුරු නෙත්රු බලා උන්නා.

“තේව් ඔයාට අදිස් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද?”

පිටව යාමට පැමිනි නෙත්රු නැවතත් සිය කාමරය තුළට ඇතුළු වී සිය කාමරය තුළ වූ කවිච්චියෙහි හිඳ ගත්තා.

“අදිස් තේව් එක්ක කතා කරන්නේ ගොඩක් සමීප කෙනෙක් එක්ක වගේ. ඇත්තටම තේව් අදිස්ගේ කවුද? අනික ඇයි අදිස් ඒක හැමෝගෙන්ම හංගන්නේ? අදිස් සාමාන්‍යයෙන් මට කිසි දෙයක් හංගන්නේ නෑ. ඒත් ඇයි අදිස් මට තේව් ගැන මොනවා හරි හංගනවා කියලා හිතෙන්නේ? නැත්නම් මට පේන විදියද? අදිස් කියනවා වගේ මම හැමදේම දිහා සැකෙන් බලනවද? නෑ මෙතන මොකක් හරි දෙයක් තියෙනවා.”

නෙත්රු කවිච්චියට හිස බර කරගෙන දෑස් වසා ගත්තා. මොහොතක් දෑස් වසා සිටි නෙත්රු නැවතත් දෑස් විවර කළා.

“පොඩ්ඩක් ඉන්න….. ඒ දෙන්නා අතර මොන සම්බන්ධයක් තිබ්බත් මට මොකද? මං මොකටද ඒ ගැන හිතන්නේ? මං ඇයි නිකං මේ බොරුවට කලබල වෙන්නේ? මට අනුන්ගේ දේවල් වලින් වැඩක් නෑනේ.”

නෙත්රු කවිච්චියෙන් නැගිට සිටියා. ඔහු කාමරයේ ඒ මේ අත ඇවිදින්නට වුණා.

Deja Vu_BL Non Fic_Where stories live. Discover now