17

497 88 22
                                    

ඒ වෙලේ ආදෙව්ගෙ මූණෙ ඇදුනේ අහිංසක හිනාවක්....

"  ඒ වෙලේම මට තේරුනා අනිත් තුන් දෙනාට වඩා එයා අකේත්‍යට ලඟයි කියලා..."

රාහුල් ඇහි බැමක් උස්සලා ප්‍රශ්නාර්තයක් දුන්නා...

" එයාගෙ චූටි වෙනස් කමේ ඉඳන් මං ඒ වෙලෙ ඉඳන් බැලුවා..  එයා ඉස්සරත් එහෙමයි මොකක්ද දන්නවද?"

" වීණාව් කියන්නේ නාදුනන ස්පරශ වලට ඇකිලෙන නිදිකුම්බා පැලක් !!"

ආදෙව් ගෞතම් දිහා බැලුවා..මොකද ඒක කිව්වේ ගෞතම් නිසා.. ආදෙව් කට කොනෙන් හිනාවක් දෙනකොට ඔය දේ මේවකම් මීටර් නොවුන දෙන්නා කටත් ඇරන් හිටියේ...ඒ හරුපේ තේරුම අහගන්න..

" කොච්චර වීණාව් ඩේලියාන්ව හුරතල් කරත් ඒ කිසිම වෙලාවල වීණාව් දුන්නද ඩේලියාන්ට එයාව අල්ලන්න... ජැක් එක්ක කොච්චර හොඳට හිටියත් එයා දුන්නද ජැක්ටවත් එයාව අල්ලන්න ම්ම්..  එහෙම දැකලා නැහැ නේද අඩුම ප්‍රොෆෙසර් කෙනෙක් උන ඔයාටවත්? "

රාහුල් නැහැ කියන්න ඔලුව වැනුවා..

" වීණාව් කියන්නෙම ගෞතම් කිව්ව වගේ නිදිකුම්බාවක්  නාදුනන ස්පර්ශ වලට හැකිලෙන.. ඒ වෙලේ අර කෙල්ල කඩේ හිටපු ඒ කෙල්ලගෙ ඇඟිල්ලක් වැඳුනා වැරදිලා වීණාව් කාටවත් නොපෙනෙන්න ඒ අත පිහිදාගත්තා .. ඒත් අකේත්‍ය ඉන වටෙන් අත දාල ලාගට අරන් බෙල්ල කිස් කරනකොට මුකුතම කිව්වේ නැහැ ..."

ආදෙව් අන්තිම ටික කිව්වේ ගෞතම් දිහා බලාගෙන වෙනකොට ගෞතම් ඊරිසියාවට රතු උනා..

" එතකොට අර බර ගානක් මරපු කතාව ඇත්තද ආදි.."

" ම්ම් වෙන්න පුළුවන් වීණාව් හිතන කෙනා නෙවෙයි කොහොමත් පොඩි කාලෙ ඉඳන් එයා අකමැතිම අම්මි මම තාත්තා ඇර වෙන කිසිම කෙනෙක් එයාව අල්ලනවට.  අවුරුදු දෙකේදි ගෙදර වැඩ කරන ගෑනු කෙනෙක්ව ලේ එන්න අතක් හපලා තිබ්බා එයාව ඇල්ලුවා කියලා.. මගෙ හිටපු යාළුවාව මැරුවා කිව්ව එක විශ්වාස කරන්න පුළුවන් මොකද ඌත් සුදූට ලං උනා වැඩී මං ඌට වැඩිය සුදූට ලං වෙන්න නොදුන්නෙ එක බල්ලෙකවත් මට විශ්වාස නැති නිසයි ශෙනූ.. අවුරුදු ගානක් මට එයාව මගෑරුනා මට පට්ට දුකයි බං මට මගෙ මල්ලිව රකින්න බැරි උන නිසා... මං උන් එකෙක් ගානෙ මරනවාමයි ශෙනෝල්..!!! අවුරුදු දහයකට හිරේ ගියපු එකා මාසගානෙන් ඇවිත් කොහොමද? බලමුකෝ! "

Majesty Luna  ( complete )Where stories live. Discover now